ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    අනාරක්ෂිත තැන්වල නොසිට ආරක්ෂිත තැන්වලට පැමිණෙන්න-අවශ්‍ය ඉඩම් සොයා දෙන අභියෝගය බාර ගන්නවා

    ජූනි 10, 2017

    ආපදාවට පත් ව අනාරක්ෂිත තැන්වල පදිංචි වී සිටින  අය අලුතින් පදිංචි කිරීමට කටයුතු කළ යුතු බවත් අනාරක්ෂිත තැන්වල නොසිට ආරක්ෂිත තැන් වලට පැමිණීමට කටයුතු කරන ලෙසත්  අවශ්‍ය ඉඩම් සොයා දෙන අභියෝගය බාර ගන්නා බවත් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ඊයේ (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, පසුගිය දා ඇති වූ ආපදා තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති විවාදයකට එක්වෙමිනි.

    අනපේක්ශිත විදියට දිස්ත්‍රික ගණනාවකට ආපදාව සිදු වුණා. විපතින් ජීවිතක්ෂයට පත් වූ, විපතට පත් වූ අයට බලවත් ශෝකය පළ කරනවා. සතා සිව්පාවට පමනක් නොවේ ජනතාවටත් ජීවිත තර්ජන එල්ල වුනා. ව්යවසනයෙන් පක්ෂ පාට භේදයෙන් තොරව එකතු වුණා.රජය හැටියට විශාල වැඩකොටසක් සිදු කළා. ජනාධිපතිතුමා,අගමැතිතුමා ක්ෂණිකව මැදිහත් වුණා. සෙබළු 5085ක් යෙදෙව්වා.ත්‍රිවිධ හමුදාව කල සේවය අගය කළ යුතුයි.යුද හමුදාවේ වෛද්‍ය කණ්ඩායම් හයක් යෙදෙව්වා. පාලම් සැකසීමට යුද හමුදාව යෙදෙව්වා.ආහාර සැපයීමට යුද හමුදාව කටයුතු කළා. නාවික හමුදාවේ දායකත්වය ඉහළින් ලබාදුන්නා.

    ගුවන් හමුදාව ක්ෂණිකව මැදිහත් වුණා. ගුවන් ගමන් වාර  220කට වැඩියි.ආහාර පැකට් ලබාදුන්නා.පොලීසිය විශාල කැපවීමකින් කටයුතු කළා. සිවිල් ආරක්ෂක භටයින් විශාල සේවයක් කළා. රජය පැත්තෙන් විශාල වැඩකොටසක් කළා. අනාරක්ෂිත තැන්වල අය අලුතින් පදිංචි කරන කටයුතු කරන්න.අනාරක්ෂිත තැන් වල සිටියා ඇති ආරක්ෂිත තැනකට එන්න හිත හදාගන්න. අවශ්‍ය ඉඩම් සොයා දෙන අභියෝගය බාර ගන්නවා.විශාල මඩ පහරක් මට ගැහුවා. අමූලික බොරුවක් ප්‍රචාරය කළා. කණගාටු වෙනවා ඇතැම් පුද්ගලයන් එවැනි තත්ත්වයකට පත් වීම ගැන යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya