ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට බංග්ලාදේශයේ මූල්‍යාධාර ජනපතිට

    ජූනි 21, 2017
    ආපදාවෙන් විපතට පත් ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් සහන සැලසීමට බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මියගේ පොරොන්දුව මත ලබාදුන් මුල්‍යාධාර නිල වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම ඊයේ (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
     
    බංග්ලාදේශ මහකොමසාරිස් රියාස් හමිදුල්ලා මහතා විසින් ඊට අදාළ චෙක්පත ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.
     
    රටේ ව්‍යසන තත්ත්වයක් පවතින අතරතුර වුවද අසල්වාසී මිත්‍ර රාජ්‍යයන් වෙනුවෙන් බංග්ලාදේශය ලබාදෙන සහයෝගය මෙහිදී අගය කළ ජනාධිපතිතුමා එය ද්විපාර්ශවික සබඳතාවල සුවිශේෂී ලක්ෂණයක් බව ද කියා සිටියේය.
     
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශ්වික සබඳතා මෑත කාලයේ දී ඉහළ ප්‍රගතියක් කරා ගමන්කර තිබෙන අතර එම සබඳතා සෑම ක්ෂේත්‍රයකින් ම තවඳුරටත් ඉහළ නංවා ගැනීම බංග්ලාදේශයේ අරමුණ බව මහකොමසාරිස්වරයා මෙහිදී සඳහන් කළේය.
     
    බංග්ලාදේශයේ ආපදා කළමනාකරණ හා පශ්චාත් පුනරුත්ථාපන වැඩසටහන් මගින් ලබා තිබෙන ප්‍රගතිය පිළිබඳ ව මහකොමසාරිස්වරයා මෙහිදී විස්තර කළ අතර ඉන් ශ්‍රී ලංකාවට ලබාගත හැකි සහයෝගයන් පිළිබඳ සොයා බලන බව ජනාධිපතිතුමා සඳහන් කළේය. 
     
    බංග්ලාදේශයේ වගා කෙරෙන නියං කාලවලට ඔරොත්තු දෙන කෘෂි බීජ වර්ග මෙරටට හඳුන්වාදීමේ හැකියාව සොයා බලන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya