ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    නව තාක්ෂණ විපර්යාසය හමුවේ සිසුන් දැනුම්වත් විය යුතුයි- අගමැති

    ජූලි 13, 2017

    නව තාක්‍ෂණ විපර්යාසය හමුවේ පාසල් සිසු සිසුවියන්ට එම දැනුම ලබා දීමට සම්පූර්ණ කළ යුතු ප්‍ර‍ධාන කාරණා දෙකක් පිළිබඳ රජයේ අවධානය යොමු කර තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍සිංහ මහතා පැවසීය.

    පාසල තුළ දී සියලුම සිසු සිසුවියන් සඳහා අනිවාර්යෙන් වසර 13 ක අධ්‍යාපනයක් සහ උසස් පෙළ හදාරන සියලුම සිසු සිසුවියන් සඳහා තාක්‍ෂණ දැනුම ලබාදීමට ටැබ්ලට් පරිගණක යන්ත්‍ර ලබාදීම බවත් අධ්‍යාපනයේ නවීකරණයක් කිරීමට නම් එම කාරණා දෙක සපුරා ගත යුතු වන බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.


    බලපිටිය, සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයේ තාක්‍ෂණ පීඨය විවෘත කිරීමේ හා විද්‍යාලයේ සියවස් සමරු උළෙලට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අද (13) සඳහන් කළේය.

    එහිදී අගමැතිවරයා සිදු කළ සම්පූර්ණ කතාව පහත සඳහන් වේ.

    සිද්ධාර්ථ මහා විද්‍යාලයේ සියවස් සමරු උත්සවයට මට ආරාධනා කිරීම පිළිබඳව පළමුවෙන්ම ස්තූතිවන්ත විය යුතුයි. මේ උත්සවයට විශේෂයෙන්ම සහභාගි විය යුතු බව අශෝක ධනංවශ මහතා මට කිහිප විටක්ම දැනුම් දුන්නා. මේ පාසලේ ඉතිහාසය පිළිබඳව අමුතුවෙන් මතක් කළ යුතු නැහැ. රොබට් ද සොයිසා මහතා ඇරැඹූ මේ විදුහලේ සියවස එළැඹෙන විට විශිෂ්ට ආදි සිසුන් ගණනාවක් රටට බිහි කර තිබෙනවා.

    ඩබ්ලිව්.ඩී. අමරදේව, හියුබට් එම්. සෙනෙවිරත්න, පී.ඩී. වීරසිංහ, අශෝක ද සිල්වා ආදී කීර්තිමත් ආදි සිසුන් ගණනාවක් සිටිනවා. ඇතැමුන් මේ ප්‍රදේශයෙන් අධ්‍යාපනය අරඹා වෙනත් පාසලකට ගියා. සෙසු ආදි සිසුන් මේ විදුහලට පැමිණ අධ්‍යාපනය අවසන් කළා. මේ පාසලෙන් වසර සියයක කාලයේ දී සිදු වූ සේවය අනුස්මරණය කළ යුතුයි. ඒ වෙනුවෙන් රොබට් ද සොයිසා මැතිතුමා ඇතුලූ විදුහල්පතිවරුන්ටත්, ගුරුවරුන්ටත් ස්තඣතිය පළ කළ යුතුයි. එමෙන්ම දැන් අප අතර නැති අයට පින් පැමිණ විය යුතුයි.
    රොබට් ද සොයිසා මහතා මේ විදුහල ආරම්භ කළේ මේ විදුහල අවට සිටින සිසු සිසුවියන්ට හොඳ අනාගතයක් ලබාදීමටයි. 1917 වසර වන විට බොහෝ දෙනෙකු පන්සලෙන් අධ්‍යාපනය ලබාගත්තා. නැතිනම් පල්ලියේ පාසලට ගියා. ගමේ පාසලක් තිබුණා නම් වසර 5 ක කාලයක් පමණක් අධ්‍යාපනය ලැබුවා. එදා වසර 8 ක් අධ්‍යාපනය ලැබුවා නම් හොඳ රැකියාවක් ලබා ගැනීමට හැකියාව තිබූ බව කිව යුතුයි. එදා වසර 8 ක අධ්‍යාපනය යනු අද සාමාන්‍ය පෙළ විභාගය සමත්වූවෙකු ලබන රැකියාවටත් වඩා උසස් රැකියාවක් ලබා ගැනීමට හැකියාව තිබුණා. එම අවස්ථාව මේ ප්‍රදේශයට ලබා දීමට සිතූ නිසා රොබට් ද සොයිසා මැතිතුමා මේ විදුහල ආරම්භ කළා.

    මේ ආසන්නයේ තිබුණේ ධර්මාශෝක විදුහල පමණයි. මේ විදුහල දියුණු කිරීම සඳහා රොබට් ද සොයිසා මැතිතුමා පළමු වරට විදුහල්පති ලෙස අයිරිෂ් ජාතිකයෙකු කැඳවූවා. ඉන් පසුව හොඳ විදුහල්පතිවරුන් තෝරා ගනු ලැබුවා. ඇතැම් විදුහල්පතිවරුන් ද්‍රවිඩ ජාතිකයන්... එම නිසා මේ විදුහල සිංහල මෙන්ම ඉංග්‍රීසි භාෂාවත් භාවිත කළා. සෑම ජාතියකටම අයත් සිසු සිසුවියන් මෙහි ඉගෙනුම ලැබුවා. එසේ නම් එදා එංගලන්තයේ තිබූ අධ්‍යාපනයට සමාන අධ්‍යාපනයක් මෙම විදුහලෙන් ලබාදීමට කටයුතු කළ බව කිව යුතුයි.

    මෙම විදුහලේ සිසු සිසුවියන් ඉදිරියට ගියේ එම උසස් අධ්‍යාපනය නිසයි. අමරදේව ශූරීන්ගේ සංගීත විෂයට තිබූ දැනුම ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. එන්.එස්. කුලසිංහ මෙම විදුහලෙන් ඉගෙන ගෙන රාජකීය විදුහලට ගියා. අනෙකුත් සිසු සිසුවියන්ටත් එම දක්‍ෂතාව තිබුණා. මෙම විදුහලෙන් සාර්ථක අධ්‍යාපනයක් ලබා ගෙන තවත් විදුහල්වලට ගොස් අනතුරුව විශ්ව විද්‍යාල අධ්‍යාපනය සාර්ථකව නිමා කිරීමට හොඳ පදනමක් ලැබුණා. එමෙන්ම ශාන්ති නිකේතනය වැනි ආයතනවලට ගොස් අධ්‍යාපනය ලබා රටට සේවය කිරීමට ඔවුන්ට හැකියාව ලැබුණා. එම නිසා මේ ප්‍රදේශයට සේවය කළ හැකි විශාල පිරිසක් එදා බිහි වුණා.

    මේ විදුහල ආරම්භ කළ සමයේ අප රටේ තිබුණේ නීති විද්‍යාලයක් සහ වෛද්‍ය විද්‍යාලයක් පමණයි. එම කාලයේ පැවැති තත්ත්වය මෙයින් හොදින් අවබෝධ කර ගැනීමට හැකියාව ලැබෙනවා. එදා රොබට් ද සොයිසා මැතිතුමා එම අධ්‍යාපනය දියුණු කළ අයුරින්ම වර්තමානයේදීත් අප අධ්‍යාපනය දියුණු කිරීම පිළිබඳව කල්පනා කළ යුතුයි.

    මේ ප්‍රදේශයේ අධ්‍යාපනය දියුණු කිරීමට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා දරණ උත්සාහය අප අගය කරනවා. ක්‍රිකට් භාෂාවෙන් කියනවා නම් අපගේ පළාත් අධ්‍යාපන ඇමැතිතුමා ‘හැට්ට්‍රික්’ එකක් ගෙන තිබෙනවා. මේ පළාත, දිස්ත්‍රික්ක, කොට්ඨාස සියල්ලම අධ්‍යාපනයෙන් ඉදිරියට ගෙන තිබෙනවා.

    අප අධ්‍යාපනයේ දැනුම කොළ‍ඹට පමණක් සීමා කරන්නෙන් නැහැ. පළාත් අතර අධ්‍යාපනයේ තරගයක් නිර්මාණය කළ යුතුයි. එම තරගය නිසා සෙසු පළාත්වලටත් කොළඹ සමග තරග කිරීමට අවස්ථාව ලැබෙනවා. අපේ මූලික අරමුණ වන්නේ අධ්‍යාපනය දේශපාලනීකරණයෙන් තොරව ඉදිරියට ගෙන යාමයි. සමහරුන් අධ්‍යාපනය දේශපාලනය සමග කිරීමට කල්පනා කරනවා. මගේ අදහස නම් අධ්‍යාපනය දේශපාලනීකරණයෙන් තොරව කළ යුතු බවයි. අපට වෙනම දේශපාලනය කිරීමට හැකියාව තිබෙනවා. හොඳින් අධ්‍යාපනය කරනවා නම් ඉන් ලැබෙන පිළිගැනීම ඉදිරියට යාමට ප්‍රමාණවත් වෙනවා.
     
    ජාතික රජයේ හැම පක්‍ෂයක්ම අධ්‍යාපනය දියුණු කිරීමට කැප වී සිටිනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අප ජාතික ආණ්ඩුවක් බිහි කළා. එම ආණ්ඩුව අධ්‍යාපනය දියුණු කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කරනවා. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සමඟත් අප සාකච්ඡා කර තිබෙනවා.

    එදා රොබට් ද සොයිසා මැතිතුමන්ගේ පරමාර්ථය වූයේ කුමක්ද? එවකට පැවැති යටත් විජිත ක්‍රමය යටතේ ද දක්‍ෂ සිසු සිසුවියන් පිරිසක් බිහි කිරීමයි. යහපාලන රජයේ අරමුණ වන්නේ ද 2017 රැකියා වෙළෙඳපොළට ගැලපෙන සිසු සිසුවියන් පිරිසක් පාසලෙන් පිට කිරීමයි. එදා රොබට් ද සොයිසා මැතිතුමා සිටි කාලයට වඩා තුන් හතර ගුණයකින් වර්තමානයේ ජනගහනය වැඩි වී තිබෙනවා. එදා මේ ප්‍රදේශය ග්‍රාමීය ආර්ථිකයක්. වැඩ වසම් ආර්ථික ක්‍රමයක් පැවැතුණා. වර්තමානයේ දී ආර්ථිකය පරිවර්තන යුගයකට පැමිණ තිබෙනවා. අපනයන ආර්ථිකයක් කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. අලුත් තාක්‍ෂණය සමග ගනුදෙනු කරනවා. විදේශ සම්බන්ධතා පුලූල් වී තිබෙනවා. මේ ප්‍රදේශවල එදා දුරකථනයක්වත් තිබුණේ නැහැ. අද සියලුම දෙනා ළඟ දුරකතන තිබෙනවා. අප කුඩා අවධියේත් අපේ නිවෙස්වල තිබුණේ එක් දුරකථනයක් පමණයි. ඒ කොළඹ ඉතා දියුණු ප්‍රදේශවල පමණයි. අද හැම තැනම එම තාක්‍ෂණය තිබෙනවා.
    වර්තමානයේ රැකියා වෙළෙඳපොළට ඇතුලු වීම සඳහා විශේෂ දැනුමක් අවශ්‍යයි. එම දැනුම නොමැතිකම විශාල ප්‍රශ්නයක් බවට පත්වී තිබෙනවා. පාසලෙන් පිට වුණත්, විශ්වවිද්‍යාලයෙන් පිට වුනත් සමහර අයට ඒ දැනුම තිබෙනවා. එම දැනුම තිබෙන අය ඉදිරියට යනවා. රැකියා ප්‍රශ්නය තිබෙන්නේ එම දැනුම නැති අයටයි.

    අතීතයේ දී කෘෂිකර්මයේ, ධීවර කර්මාන්තයේ යෙදුණා නම් ඔවුන්ට තමන්ගේ නම අත්සන් කර ගැනීමට හැකි නම් එම විශාල ජයග්‍රහණයක්. අද හැම කෙනෙකුටම ලිවීමට හා කියැවීමට හැකියාව තිබෙනවා. ඩී.එස්. සේනානායක මැතිතුමන් මින්නේරිය අරඹන විට බොහෝ දෙනෙකුට ලිවීමට හෝ කියවීමට හැකියාවක් තිබුණේ නැහැ. නමුත් අද සිටින හැම දෙනෙකුටම ඒ හැකියාව නොඅඩුව තිබෙනවා. බොහෝ දෙනෙකු උපාධි ලබා තිබෙනවා.
     
    නව තාක්‍ෂණ විපර්යාසය හමුවේ පාසල් සිසු සිසුවියන්ට එම දැනුම ලබා දීමට අප කළ යුත්තේ කුමක්ද? ඒ සඳහා කාරණා දෙකක් පිළිබඳව අපේ අවධානය යොමු වී තිබෙනවා. පළමු වැන්න නම් පාසල තුළ දී සියලුම සිසු සිසුවියන් සඳහා අනිවාර්යෙන් වසර 13 ක අධ්‍යාපනයක් ලබාදීමයි. දෙවැන්න උසස් පෙළ හදාරන සියලුම සිසු සිසුවියන් සඳහා තාක්‍ෂණ දැනුම ලබා දීමට ටැබ්ලට් පරිගණක යන්ත්‍ර

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya