ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    නියඟයෙන් විනාශ වූ පොල් වගාවන් නඟාසිටුවීමට පියවර

    ජූලි 25, 2017

    නියඟය හේතුවෙන් හානියට පත් පොල් වගාවන් නැවත නඟාසිටුවීමට රුපියල් මිලියන 37.75ක් වෙන්කරමින් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා විසින් අද (25) පාර්ලිමේන්තුවේ දී යොමු කළ වාචික පැනයකට පිළිතුරු ලබාදෙමිනි.

    පොල් වගා කිරීමේ මණ්ඩලය හරහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක අතර හානියට පත් වූ පොල් පැල වෙනුවට පොල් පැල ලබා දීම, ජල සම්පාදන පද්ධති සකස් කිරීම සඳහා ආධාර ලබා දීම සිදු කෙරේ. දැඩි නියඟය හේතුවෙන් කුරුණෑගල ප්‍රදේශයේ පොල් පැල ලක්ෂයක් පමණ ද කුළියාපිටිය ප්‍රදේශයේ පොල්පැල  පනස් දහසක් පමණ විනාශයට පත් වී ඇතැයි අමාත්‍යවරයා පැවසී ය. තවද පුත්තලම ප්‍රදේශයේ පොල් පැල විසිපන්දහසක් සම්පූර්ණයෙන් ම විනාශ වී ඇතැයි ද  අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya