ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    රයන් ජයලත් ශිෂ්‍යයා අත් අඩංගුවට ගැනීමට යෑමේ සිදුවීම - පරික්ෂා කර වාර්තාවක් ලබාදෙන ලෙස උපදෙස් ලබාදුන්නා

    ජූලි 25, 2017

    වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ රයන් ජයලත් ශිෂ්‍යයා අත් අඩංගුවට ගැනීමට යෑමේ දී ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් යම් අඩු පාඩුවක් සිදු වී තිබේ ද යන්න සොයා බලා සති දෙකක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් ලබාදුන් බව නීතිය,සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ රයන් ජයලත් ශිෂ්‍යයා අත් අඩංගුවට ගැනීමට යෑමේ දී ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 23 (2) යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

    මෙහිදී පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා,රයන් ජයලත් අත් අඩංගුවට යෑමේ දී ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් සිදුවීම පිළිබඳ මූලික වාර්තාවක් ගැනීමට කටයුතු කරන ලදී. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමි. කොළඹ අපරාධ  කොට්ට්ඨාශය විසින් මෙම වරෙන්තු සැකකරු අත් අඩංගුවට ගැනීමට මෙහෙයුමක් කර ඇත. මේ අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් පමණක් සහභාගී ඇත. පොලිස් දෙපාතමේන්තුවේ වාහන පමණක් යොදවා ඇත. රියදුරන් පොලිස් නිලඇදුමින් සිට ඇත. අත් අඩංගුවට ගැනීමේ දී යම් අඩුපාඩුවක් සිඩු වී ඇත්දැයි සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දුන්නෙමි. සති දෙකක් තුළ ලබාදීමට පොලිස්පතිතුමාට දන්වා ඇත. රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ඇතුළු පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කළා. නිසි සැලසුමකින් හා නිසි ක්‍රියාපටිපාටියක් අනුගමය කරමින් සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට යාම සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව සෑම පොලිස් නිලධාරියකු ම දැනුවත් කරමින්  පොලිස් පති විසින් උපදෙස් චක්‍රලේඛයක් නිකුත් කිරීමට උපදෙස් ලබාදෙන ලදී.

    අවසන් වශයෙන් රයන් ජයලත් ශිෂ්‍යයා අත් අඩංගුවට ගැනීමට යාම හේතුකොට ගෙන අතිගරු ජනාධිපතිතුමාට සහ අග්‍රාමාත්‍යතුමා ඇතුළු රජයට මෙන් ම පුරවැසියන්ට පොලිස් දෙපාර්තමේන්තුව මඟින් යම් අපහසුතාවක් සිදුවීම සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කරන බවද අමාත්‍යවරයා පැවසී ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya