ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    විදුලිය ලබා දිය හැකි සියලු නිවාස සඳහා මේ වන විට විදුලිය ලබා දී තිබෙනවා

    ජූලි 27, 2017

    මෙරට විදුලිය ලබා දිය හැකි සියලු නිවාස සඳහා මේ වන විට විදුලිය ලබා දී ඇතැයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ,අද (27) පාර්ලිමේන්තුවේ දී  මන්ත්‍රී තුෂාර ඉදුනිල් අමරසේන මහතා යොමු කළ වාචික පැනයකට පිළිතුරු ලබදෙමිනි.

    රජය විසින් 2016 ජනවාරි මස 12 වන දින ආරම්භ කළ ''රටම එළියයි- අඳුර දුරලයි'' ජාතික විදුලි සත්කාර වැඩසටහන යටතේ ලංකා විදුලි බල මණ්ඩලය මඟින් මේ වනවිට නිවාස ඒකක 262729ක් සඳහා විදුලිය,ලංකා විදුලි පෞද්ගලික සමාගම නිවාස ඒකක 3647ක් සඳහා ද විදුලි සැපයුම ලබාදී තිබෙනවා. මේ සඳහා රජය වැය කර ඇති මුළු මුදල රුපියල් බිලියන 6.6 ක් බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    අපේ විදුලි බල පද්ධතියට වැඩි දායකත්වය ලබාදෙන්නේ නොරොච්චෝලේ බලාගාරයයි. නමුත් එහි එක් පද්ධතියක් මේ වනවිට අක්‍රීයයි. දෙක සහ තුන යන පද්ධති දෙකත් අර්ධ වශයෙන් හානී  වී තිබෙන්නේ. නොරොච්චෝලේ බලාගාරය කියන්නේ තාක්ෂණයෙන් අඩු බාල උපකරණවලින් සමන්විත නිසා එහි විපාක අපි භුක්ති විදිමින් සිටිනවා. නමුත් මේ ආබාධිත දරුවා වුවත් අපට සම්පතක්.මොක ද ජාතික විදුලි බල පද්ධතියට වැඩි දායකත්වයක් ලබාදෙන්නේත් නොරොච්චෝලේ බලාගාරයයි. ඒ නිසා මෙය ආරක්ෂා කරගෙන ඉදිරියට යාමට සිදු වෙනවා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසි ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya