ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනාව විවාදයට

    ජූලි 27, 2017

    අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනාව අද (27) පාර්ලිමේන්තුවේ  දී විවාදයට ගැනිණි.

     සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් සභාව වෙත යෝජනාව විවාදය සඳහා ඉදිරිපත් කළේ ය  

    සියලුම ඉන්ධන සැපයුම, හා බෙදා හැරීම සහ රේගු ආඥා පනතේ අරමුණු සඳහා වරායක් ලෙස නිර්වචනය කර ඇති ඕනෑම වරායක් තුළ නැවකින් තෙල් හෝ ඉන්ධන බැහැර කිරීම, ප්‍රවාහනය කිරීම,ගොඩබෑම, ගබඩා කිරීම, භාරදීම හෝ ඉවත් කිරීමට අදාළව සිදු කළ යුතු අත්‍යාවශ්‍ය වන සියලු සේවාවන්,වැඩ හෝ ඕනෑම ආකාරයක ශ්‍රමය යෙදවීම යන සේවාවන් සැපයීමේහි නිරතවන ඕනෑම රාජ්‍ය සංස්ථාවකින් හෝ රජයේ දෙපාර්තමේන්තුවකින් හෝ පළාත් පාලන ආයතනයකින් හෝ සමූපකාර සමිතියකින් හෝ එවැනි ආයතනයකින් සපයනු ලබන සේවාවන් සාමාන්‍ය ජනන්  ජීවිතය පවත්වා ගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය්ය වන බව සැලකිල්ලට ගනිමින් හා එම සේවාවන් සැපයීමට අවහිරයක් හෝ බාධාවක් ඇතිවීමට හැකියාවක් පැවතීම හේතුවෙන් ඕනෑම රාජ්‍ය සංස්ථාවකින්, දෙපාර්තමේන්තුවකින්, සමූපකාර සමිතියකින්, සපයනු ලබන සේවාවන් ඉහත කී වගන්තියේ කාර්යයන් සඳහා අත්‍යාවශ්‍ය සේවාවන් බවට ජනාධිපතිවරයා විසින් 2017 ජුලි 25 දිනැති අංක 2029/23 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියමයන් මඟින් 2017 ජුලී 25 දින සිට ශ්‍රී ලංකාව මුළුල්ලේ ම ක්‍රියාත්මක කරමින් කරන ලද ප්‍රකාශය අනුමත  කළ යුතු බවට පාර්ලිමේන්තුවට යෝජනාව ඉදිරිපත් කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya