ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මහජන පීඩාවක් වන දෙයක් කරන්න ඉඩ දෙන්නේ නෑ- රටේ ඉදිරි අනාගතයට ජාතික සම්පත් ඉතිරි කළ යුතුයි

    ජූලි 27, 2017

    රටේ ඉදිරි අනාගතයට ජාතික සම්පත් ඉතිරි කළ යුතුයි. තෙල් සංස්ථාවේ අයිතිය ආරක්ෂා කරනවා. මහජන පීඩාවක් වන දෙයක් කරන්න මම අමාත්‍යවරයා ලෙස ඉඩ දෙන්නේ නෑ.මොන දේශපාලනය කළත් ආයතන ආරක්ෂා කරනවා වගේ ම මහජන පීඩාවක් වෙනවා නම් ඕනෑම තීරණයක් ගන්න කැමති  බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා අද (27) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනාව විවාදයට එක්වෙමිනි


    මම පෞද්ගලිකව පුද්ගලීකරණයය අකමැතියි. සමහර ආයතන තිබෙනවා ආයෝජකයෝ ගෙනැල්ලා සංවර්ධනය කළ යුතු ආයතන තිබෙනවා.ප්‍රධාන කාරනය විය යුත්තේ මහජනතාවට කරදරයක් නොමැති වැඩකටයුතු කිරීමයි. පසුගිය කාළේ, ඩෙංගු වසංගතයක් ති බුණා. අද තෙල් ප්‍රශ්නය දුර ගියා නම් පාසල් දරුවන්ට සාමාන්‍ය ජනතාවට ගමන් කරන ප්‍රශ්න ද ත්‍රීවිල්වල දවසේ ආදායම ලබන මිනිසුන්ගේ ජීවිත,පවුල් ගැන හිතුව ද? මෙවැනි ප්‍රශ්න ගැන බලන්න ඕන.

    පටු දේශපාලන අරමුණුවලින් ක්‍රියා කරන්න හොඳ නෑ. රෝහල් කීපයක් අඩපන වුණා. හමුදාවට ස්තූතිවන්ත වෙනවා. මේකේ අවශ්‍යතාව දැනගන්න ඕන. මොන දේශපාලනය කළත් ආයතන ආරක්ෂා කරනවා වගේම මහජන පීඩාවක් වෙනවා නම් ඕනෑම තීරණයක් ගන්න කැමති කෙනෙක්. රටේ ඉදිරි අනාගතයට ජාතික සම්පත් ඉතිරි කළ යුතුයි. සමහර වෘත්තීය සමිති හොඳින් සාකච්ඡා කළා. අවසනාවකට යම් යම් දේශපාලන අත ගැසීම් නිසා මෙය ඉදිරියට ගියා. සාකච්ඡවලින් හුගක් දේ විසඳාගන්න පුළුවන්.සමහර වෘත්තීය සමිති නායකයෝ යම් යම් දේශපාලන අතකොළු වෙලා. වරායේ බිලියන 11ක ලාභයක් ලැබුවා. සමහර ජනබල නැති දේශපාලඥායෝ කියනවා මට ඇමැතිකම් කරන්නේ කොහොමද කියලා.  ඒ නිසා මට කොන්ද කෙලින් තියාගෙන කරන්න පුළුවන්. තෙල් සංස්ථාවේ අයිතිය ආරක්ෂා කරනවා. මහජන පීඩාවක් වන දෙයක් කරන්න මම අමාත්‍යවරයා ලෙස ඉඩ දෙන්නේ නෑ.

    හම්බන්තොට වරායේ තෙල් ටැංකි තියෙන්නේ තෙල් සංස්ථාවට නොවේ. ජනබලයක් නති දේශපාලඥයන් ඉන්නවා මේවාට අතපය ගහලා, බාධා කරන අය.සාකච්ඡාවලට යා යුතුයි. අපට අවශ්‍ය මොන දේශපාලනය කතා කළත් රට විනාශ කරන දේශපාලනයක් තිබෙනවා. මේවාට දේශපාලනය ගාවන්න එපා. මේවායේ සිදු වී ඇති පාඩුව හා විනාශය ගැන ජනතාව දැනුවත් කරනවා. අපට ලබාදුන් සහයෝගයට,තෙල් සංස්ථාවේනිලධාරීන්ටත් මම ස්තූතිවන්ත වෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya