ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    බදු ගෙවීම ජාතික වගකීමක් - අමාත්‍ය කබීර් හෂීම්

    සැප්තැම්බර් 07, 2017

    බදු ගෙවීම ජාතික වගකීමක් වන බවත් රාජ්‍ය ආදායම වැඩි කිරීම ඉතාම වැදගත් බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

    දේශීය ආදායම් බදු පනත් කෙටුම්පත විවාදයට අද (07) පාර්ලිමේන්තුවේ දී එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

    රාජ්‍ය ආදායම වැඩි කිරීම ඉතාම වැදගත්. එදා ගෙනා වැරැදි පනතට විරුද්ධ වෙන්න අයිතියක් තිබුණේ නෑ. එක්සත් ජාතිඅක් පක්ෂය අපේ යුතුකම් ඉටු කළා. ගජ මිතුරන් සතුටු කරන්න ආර්ථික සේවා ගාස්තුව රුපියල් කෝටි 3 දක්වා එදා වැඩි කළා.

    සියයට 23%කින්න් පසු ගෙවන්නන් අඩු වුණා. එය වැඩි කරගන්න අපට හැකි වුණා. අපි නැවත 2015 දී  සියයට 20%කින් වර්ධනය කළා. බදු ගෙවීම ජාතික වගකීමක් වෙනවා. බදු ක්‍රමය සරල වීම වැදගත්. සෘජු බදු හා වක්‍ර බදු පරතරය අඩු කිරීම වසරකින් කරන්න බෑ. වක්‍ර බඩු සියයට 60%කින් අඩු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ යැයි ද අමාත්‍යවරය පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya