ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    නොලැබෙන ආදායම ලබාගැනීමට කටයුතු කළ යුතුයි - ආදායම වැඩිකරගත යුතු බොහෝ අංශ පවතිනවා

    සැප්තැම්බර් 07, 2017

    දේශීය ආදායම් බදු පනත් කෙටුම්පත වැදගත් පනතක් බවත් බදු පනවා ආදායම වැඩිකරගැනීමට කටයුතු කරනවා වගේම නොලැබෙන රජ්‍ය  ආදායම ලබාගැනීමට ද කටයුතු කළ යුතු බවත් ආදායම වැඩිකරගත යුතු බොහෝ අංශ පවතින බවත් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

    දේශීය ආදායම් බදු පනත් කෙටුම්පත විවාදයට අද (07) පාර්ලිමේන්තුවේ දී එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

    ඉතාම වැදගත් පනතක්.ලෝකයේ සෑම රටක් ම රටවල් පාලනය කරන ආණ්ඩුවලට සිදු වෙනවා, විවිධාකාරයෙන් රජයට මුදල් එකතු කරන්න. ඒ නිසා විවිධ බදුවර්ග, ආදායම් මාර්ග ශක්තිමත් කරන්න කටයුතු කරනවා. විපක්ෂයේ සිටින පක්ෂ මෙවැනි අනපනත් ගේන අවස්ථාවේ දී සාධාරණ විවේචන යෝජනා පිළිගැනීම වගකිව යුතු රජයක වගකීමයි.


    වෘත්තීය සමිතිවල විවිධ පාර්ශව වල අඳහස් යෝජනා ලබාගෙන පනත ඉදිරිපත් කරන්නෙ. පනත ගෙනාවට පස්සේ විශාල ලෙස සාකච්ඡාවට භාජනය වූ කරුණු ගණනාවක් තිබුණා. පුන්‍ය ආයතනවලට අලුතින් බද්දක් පනවනවා,ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට අලුතින් බද්දක්, සේවක අර්ථ සාධක අරමුදල අලුතින් බද්දක් ගේනවා කියලා රටේ මතයක් ගෙන ගියා.මේවා දකින්න ලැබුණේ. මේ කරුණු සම්බන්ධයෙන් පසුගිය රජයේ දී බදු ගැහුවා. අද රජයට තිබෙන ප්‍රධාන අභියෝගය, මේ ආදායම නිසි පරිදි යොදවනවා ද කියන එකයි.බදු පනවලා, ආදායම ලබාගන්නවා  වගේම තව බොහෝ අංශ තිබෙනවා, ආදායම වැඩි කරගත යුතු.බදු පනවා රාජ්‍ය ආදායම වැඩි කරගන්නවා වගේම  නොලැබෙන රාජ්‍ය ආදායම ලබාගැනීම සඳහා එම ආදායම උපයන ආයතන පිළිබඳව අවධානය යොමු කළ යුතු යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya