ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    රටේ ආදායම වැඩි කරගත යුතුයි - රටේ සම්පත්වලින් උපරිම ලෙස ප්‍රයෝජනය ගත යුතුයි

    සැප්තැම්බර් 07, 2017

    රටේ ආදායම වැඩි කරගත යුතු බවත් රටක තිබෙන සම්පත් සංවර්ධනය කර රටට ආදායමක් ගැනීම අවශ්‍යතාව වන බවත් රටේ සම්පත්වලින් උපරිම ලෙස ප්‍රයෝජනය ගැනීම කළ යුතු බවත් විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.


    දේශීය ආදායම් බදු පනත් කෙටුම්පත විවාදයට අද (07) පාර්ලිමේන්තුවේ දී එක්වෙමින්   අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

    දේශීය ආදායම් බදු පනත් කෙටුම්පත ඉතාමත්ම වැදගත් පනතක්. එක එක විශේෂාංග අරගෙන අඩුපාඩු පෙන්වන්න පුළුවන්. මන්ත්‍රිවරු හැටියට යුතුකම සම්පූර්ණ කරුණු සළකා බලා විග්‍රහයක් ඉදිරිපත් කිරීම. රටක් ගෙනයනකොට ආදයම අවශ්‍ය දෙයක්. සැම රජයක්ම කැමැති මහජනතාවට සහන ලබාදෙන්න. දෙන්න පුළුවන් ආදායමක් තිබෙනවාද කියන එක ප්‍රශ්නය. අපේ රටේ බදු ක්‍රමය තුලනාත්මකව ඉතාම සුළු ප්‍රමාණයක්. ලංකාවේ 1990 වර්ෂයේ අපේ බදු ආදායම 19.02යි.  2014 දී 10.01ට බැස්සා. ලෝකයේ බලන විට මේ රටේ බදු අයකිරීම තුලනාත්මකව ඉතාම අඩුයි.

    අපේ රටේ බදු ආදායමෙන් සියයට 20% බදු හැටියට අය කරන්නේ. සියයට 80%ක් වෙන වෙන ක්‍රමවලින්  බදු ක්‍රමවලින් මුදල් එකතු කරන්නේ. නව පනතෙන් ඉතාම වැදගත් කරුණක් තමයි. සෘජු බදු වැඩි කළා. කෙලින් ම බදු ගහන්නේ මේ රටේ ධනපති පන්තියටයි. මේ යෝජනාව තුළින් බලාපොරොත්තුවන්නේ අනුපාතනය කෙළින්ම ගහන බදු වලට යොමු කරන්නයි.

    මෙය ප්‍රගතිශීලී පියවරක්.මේ රට නව තාක්ෂණයට යන්න ඕන.රටේ ආදායම් ලබන ක්‍රම පැරනි නීතිරීති යටතේ කරන දේවල්. මේ යෝජනාවේ දී ඇමැතිවරයාගේ බලතල සීමා වෙනවා. ණය ක්‍රමය තුළින් පමණක් දේශීය ප්‍රශ්න  විසඳන්න බැහැ. නියම විසඳුම මේ රටේ සියලු කර්මාන්තශාල, ආයතන දියුණු කරන්න ඕන. රටක තිබෙන සම්පත් සංවර්ධනය කර රටකට ආදායමක් ගැනීමයි අවශ්‍යතාව වන්නේ.මේ රටේ සම්පත් උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීමයි ආර්ථික අභිවෘද්ධිය වන්නේ. මේ රටේ ජනතාවගේ ආදායම වැඩි කළ යුතුයි යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya