ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    “දරුවන් සුරකිමු” සමාරම්භය අද ජනපති ප‍්‍රධානත්වයෙන්

    සැප්තැම්බර් 08, 2017

    දරු පරපුර සුරක්ෂිත කොට ඔවුන්ට සමාජයේ ආරක්ෂාකාරීව ජීවත්වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ක්‍රියාවට නංවා තිබෙන “දරුවන් සුරකිමු” ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (08) දිගන මධ්‍යම පළාත් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.

    ගෘහස්ථ ළමා හිංසනය, ලිංගික අපයෝජනය, අපරාධ සඳහා ළමුන් යොදා ගැනීම සහ ළමා ශ‍්‍රමය සූරාකෑම ඇතුළු වත්මන් ළමා පරපුරට මුහුණදීමට සිදුව ඇති හිංසනයන්ගෙන් ඔවුන් මුදාගෙන සුරක්ෂිත කිරීමට කටයුතු යෙදීම මෙම ජාතික වැඩසටහනේ අරමුණයි.

    මේ යටතේ සෞඛ්‍ය අධ්‍යාපනය, මනෝ උපදේශනය සහ නීති උපදේශනය ඇතුළු ක්ෂේත‍්‍ර ගණනාවක් ඔස්සේ දරුවන් බලගැන්වීමට නියමිතය.

    වසර දෙකක කාලයක් තුළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර දිවයින පුරා පළාත් දිස්ත්‍රික්ක සහ ප‍්‍රාදේශීය මට්ටමින් වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

    ළමා ශ‍්‍රමය සූරා කෑමට එරෙහි ජාතික ප‍්‍රතිපත්තියක් එළිදැක්වීම ද මෙම සමාරම්භක උත්සවයේදී සිදු කෙරෙන අතර “අනාගතය දිනන දරුවෝ” නමින් දරුවන්ගේ පෞරුෂය වර්ධනය කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාවට නැංවේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya