ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    රජයේ අරමුණ වන්‍‍නේ නව ඡන්ද ක්‍රමයක් හඳුන්වාදීමයි

    සැප්තැම්බර් 20, 2017

    රජයේ අරමුණ වන්‍‍නේ නව ඡන්ද ක්‍රමයක් හඳුන්වාදීම බවත් ඒ සඳහා ගමන් කළ යුතු බවත් නගර සැලසුම් හා ජාල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත විවාදයේ අඳහස් දක්වමිනි.

    පනත් ‍කෙටුම්පත් ක්‍රියාත්මක කිරී‍මේදී පටිපාටික් ති‍බෙනවා. ‍‍රජයේ අරමුණ වන්‍‍නේ නව ඡන්ද ක්‍රමයක් හඳුන්වාදීමයි. ඒ සඳහා අප ගමන් කළ යුතුයි. පසුගිය රජයත් ඔවුන්ට අ‍වේණික අදහස්වලට අනුව ‍යෝජනා ඉදිරිපත් කළා.  ඕනෑම පනතක් අධිකරණය ඉදිරියට ‍ගෙන යාමට අවස්ථාවක් ලැබීමට කාලයක් ලබාදිය යුතුයි. ‍ මේ ර‍ටේ සිටින සුළු ජාතීන් වශ‍යෙන් අපට ‍මේ මැතිවරණ ක්‍රමය ගැන අඩුපාඩුකම් ‍පෙ‍නෙනවා. පළාත් පාලන මැතිවරණ ‍නොපවත්වා වසර ‍දෙකක කාලයක් ගත‍වෙනවා. එවන් තත්ත්වයක් පළාත් සභාවට ඇති ‍නොවිය යුතුයි. අගමැතිවරයා සහතිකයක් දී ති‍බෙනවා මාස 04ක් ඇතුළත සීමා නීර්ණය අවසන් කරන්න යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya