ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    රටම කර්මාන්තපුරයක් බවට පත් කරන්න බලාපොරොත්තු වෙනවා - අක්කර 400ක කර්මාන්ත පුරවරයක්

    සැප්තැම්බර් 26, 2017

    රටම කර්මාන්තපුරයක් බවට පත් කරන්න බලාපොරොත්තු වන බවත් දෙසැම්බර් වන විට අක්කර 400ක කර්මාන්ත පුරවරයක් කළුතර ප්‍රදේශයේ ආරම්භ කරන බවත් ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (26) පාර්ලිමේන්තුවේ දී  ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය විවාදයට එක්වෙමිනි.  


    කළුතර ප්‍රදේශයේ අක්කර 400ක ප්‍රමාණයක්  දෙසැම්බර් වනවිට කාර්මික අපනයන කලාපයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. විශාල සම්පතක් අපට ලබෙන්නේ. මේ කර්මාන්තවල වැඩියෙන් නිෂ්පාදනය කරන්නේ විදුලි උපකාරණයි.

    ස්වාභාවික රබර් ටයර් කර්මාන්තයට යෝදගන්නා ක්‍රමවේද සොයා බලනවා. කාර්මික ටයර් සම්බන්ධයෙන් ලංකාව දෙවැනි හෝ තුන්වැනි තැන සිටිනවා. බලාපොරොත්තු වෙන්නේ,ජී.එස්.පී සහනය නිසා ඇගළුම් ක්ෂේත්‍රය වැඩි කරගන්න හැකි වෙනවා. විශල වශයෙන් මේ රට කර්මාන්තපුරයක් බවට පත් කරන්න බලාපොරොත්තු වෙනවා. රැකිය නිර්මාණය කරන්න,විදේශ දියුණු තාක්ෂණය ගේන්න බලාපොරොත්තු වෙනවා.

    එංගලන්තය සමඟ වෙනම සාකච්ඡා කරගෙන යනවා. දිගටම ඒ සම්බන්ධය පවත්වාගන්න බලාපොරොත්තු වෙනවා. අග්‍රාමාත්‍යතුමාට වසර පහක් දෙන්න. අපි හොඳ අත්තිවාරමක් දාලා තිබෙනවා. බිලියන 10ක පමණ ආයෝජන ප්‍රමාණයක් ඉදිරි කාලයේ රටට එනවා. ලබන දෙසැම්බර් වන විට අක්කර 400ක කර්මාන්ත පුරවරය ආරම්භ කරනවා යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya