ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    සියලු දෙනාට සාධාරණ නීතියක් යටතේ ජීවත්වන රටක් සෑදීම අවශ්‍යයි

    සැප්තැම්බර් 26, 2017

    සියලු දෙනාට සාධාරණ නීතියක් යටතේ ජීවත්වන රටක් සෑදීම අවශ්‍ය බවත් ටෙන්ඩර් ක්‍රියවලිය ''ඊ ටෙන්ඩර්'' ක්‍රියාවලියකට යා යුතු බවත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (26) පාර්ලිමේන්තුවේ දී  ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය සහ උදර්පන පනත යටතේ නියමය   විවාදයට එක්වෙමිනි.  

    සමාජ සාධර්න ආර්ථික ප්‍රතිපත්තියක් තුළින්  රට ඉදිරියට යැමේ අභියෝගය තිබෙනවා. පසුගිය දසකට තුළ ගත් තීන්දු තීරණ නිසා අපනයනය දුර්වල තැනට පත්වෙලා,විශාල අර්බුදයකට මුහුණ දෙන්න සිදු වුණා, නැවත අපි විදේශ වෙළඳපොළ විවෘත කරගෙන යනවා. මේ වසර තුළ සිංගප්පූරුව වැනි රටවල් නිදහස් වෙළඳ ගිවිසුමක් ඇති කරගන්නත් බලාපොරොහ්තු වෙනවා. හම්බන්තොට වරාය වැනි සුදු අලි සක්‍රීය කරලා, ගෝලීය වශයෙන් සම්බන්ධ කරලා, අපේ ආර්ථිකය බද්ධ කිරීමේන් රටට විශාල ශක්තියක් ලැබෙනවා.

    ජනතාවට පොරොන්දුවක් දුන්නා, දූෂණයට විරුද්ධව කොහේ සිටියත්, මොන ඇමති වුවත් කටයුතු කරනවා කිව්වා. බලවේගයක් ලෙස ඉදිරියට වැඩ කරන්න ඕන. විශ්වාසය නැති නම් පළුදු වෙනවා. පටු දේශපාලන ජයග්‍රහන සඳහා පෙන්වන පුද්ගලයන් අයින් කරල, සියලු දෙනාට සාධාරණ නීතියක් යටතේ ජීවත්වන රටක් හදන්න ඕන. ''ඊ ටෙන්ඩර් ''පටිපාටියට අපි තවම ගිහින් නැහැ. තාක්ෂණය යොදලා, දූෂණයට ලක් නොවන ආකරයට ප්‍රතිසංස්කරණයට යන්න ඕන යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya