ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ජනපති දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ වගකීම පහදයි

    සැප්තැම්බර් 27, 2017
    ලබන ඔක්තෝබර් 06දා ආරම්භ කෙරෙන ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය දිස්ත්‍රික් මට්ටමින් සාර්ථක කර ගැනීම සඳහා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් කැපවිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.
     
    ආයතන මට්ටමින් වගකීම් පවරමින් අදාළ චක්‍රලේඛ මේ වන විට නිකුත් කර අවසන්ව ඇති අතර චක්‍රලේඛ අනුව නොව ජාතියේ අනාගතය වෙනුවෙන් පැවරුණු වගකීමක් සේ සලකා මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට සියලු රාජ්‍ය නිලධාරින් මෙන්ම දේශපාලඥයින් ද කැපවිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.
     
    ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26) කොළඹ මිලෝදා ආයතනයේ පැවති දිසාපති සමුළුව අමතමිනි.
     
    ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ පූර්ණ මැදිහත්වීමෙන් දෙ දිනක් පුරා පැවති 2017 දිසාපති සමුළුව ඊයෙන් අවසන් විය. 
     
    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පසුගිය වසර එක හමාරක කාලය තුළ රටට බලපෑ දැඩි නියඟය මෙන්ම ගංවතුර හේතුවෙන් පහත වැටුණු අපගේ කෘෂිකර්මාන්තය තුළ නව පරිවර්තනයක් ඇති කරමින් ගොවි ජනතාවගේ ආර්ථීකය මෙන්ම රටේ ජාතික ආර්ථීකය ශක්තිමත් කිරීම උදෙසා රජය මෙම වැඩසටහන ආරම්භ කරන බවයි.
     
    ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ද මෙහිදී අදහස් දැක්වීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya