ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මත්තල ගුවන්තොටුපළ විකුණන්නේ නෑ - අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

    ඔක්තෝබර් 09, 2017

    මත්තල ගුවන්තොටුපළ විකුණන්නේ නැති බවත් ගුවන්තොටුපළ ක්‍රියාත්මක ගුවන්තොටුපළක් බවට පත් කළ යුතු බවත් ඒ සඳහා ශක්තිමත් ආයෝජකයකු ගෙන්විය යුතු බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව අද (9) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, මත්තල ගුවන්තොටුපල සම්බන්ධයෙන් ගෙනා සභව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයට අඳහස් දක්වමිනි.

     

    අවුරුදු 99 බදු දෙන්නට හෝ විකිණීමට තවම ක්‍රියාමාර්ගයක් ගෙන නෑ. කාර්යක්ෂම ගුවන්තොටුපලක් කරගැනීමට ආයෝජකයන් ගෙන් වීමේ වැඩපිළිවෙලකට කටයුතු කළා. වී ගබඩාව ඉවත් කර ක්‍රියාශීලී ගුවන්තොටුපලක් කරගන්න කටයුතු කළා.

    ගුවන්තොටුපලේ වැඩකරනවා 574ක්.  වසර 2013 - 1451මඟින්, වසර 2015 මඟින් 1044 , 2017 වසරේ මඟින් 1114ක්  ආවේ. ගුවන් යානා අපට වුවමනා විදියට එන්නේ නෑ. ගුවන් තොටුපලට අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කළ යුතුයි.විකුණන්නේ නැතිව යම් ආයෝජකයෝ හොඳ කොන්දේසි මත ගෙන්නා ගන්න පුළුවන්  නම් වරද මොකක්ද? මත්තල ගුවන්තොටුපළ විකුනන්නේ නෑ. ගුවන්තොටුපල දියුණු කිරීමට යෝජනා දෙන්න කිව්වා. ඉන්දියාව හවුල් ගිවිසුමක් අනුව මත්තල දියුණු කරන්න කැමැතියි කිව්වා.විස්තරාත්මක යෝජනාවක් දෙන්න කිව්වා.එය තාම ඇවිල්ලත් නෑ. ඉන්දියානු සමාගමකට දෙනවාද නැද්ද සම්බන්ධයෙන් තවම තීන්දුවක් ගෙන නැතැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya