ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    හොඳ රටක්, යහපත් පරපුරක් ගොඩනැගීමට ග‍්‍රාමීය සංස්කෘතිය සවිමත් කළ යුතුයි - ජනපති

    ඔක්තෝබර් 10, 2017
    හොඳ රටක් මෙන්ම යහපත් පරපුරක් ගොඩනැගීමට ග‍්‍රාමීය සංස්කෘතිය යළි සවිමත් කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ පොළොන්නරුව, ලක්ෂ උයන කනිෂ්ඨ විද්‍යාලයේ අලුතින් ඉදිකරන ලද දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ උත්සවයට ඊයේ (09) දහවල් එක් වෙමිනි.
     
    එදා ගම පාසල සහ පන්සල සමග බැඳි ග‍්‍රාමීය සංස්කෘතිය ජාතික සමගියට පදනම වූ බව මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ග‍්‍රාමීය සංස්කෘතිය තුළ විනයෙන් සහ හැදියාවෙන් පිරිපුන් පුරවැසියන් රටට දායාද කෙරුණු බව ද කියා සිටියේය.
     
    තමා හැදී වැඩුණු ගම් ප‍්‍රදේශය වන ලක්ෂඋයන ප‍්‍රදේශයට ගිය ජනාධිපතිතුමා තමා ප‍්‍රාථමික අධ්‍යාපනය ලැබූ ලක්ෂඋයන කනිෂ්ඨ විද්‍යාලය වෙත ගියේ මහත් සතුටින් යුතුවය. 1947 ආරම්භ කළ ලක්ෂඋයන සේවාමුක්ත භට ජනපදයේ මුල් පදිංචිකරුවන් වූ දිවංගත මව් පියවරුන් සිහිපත් කරමින් පින් පැමිණවීම සහ ජීවත්වන සියලු දෙනා වෙත නිරෝගී සුවය ප‍්‍රාර්ථනා කරමින් විද්‍යාලයේ පැවති දානමය පුණ්‍ය කර්මය සඳහා ද ජනාධිපතිතුමා එක් විය.
     
    අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.
     
    ලක්ෂඋයන කනිෂ්ඨ විද්‍යාලයේ සමස්ත ලංකා මට්ටමින් ජයග‍්‍රහණ ලබාගත් සිසුන්ට සම්මාන සහ සහතික පත් ප‍්‍රදානය ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    ලක්ෂඋයන ප‍්‍රාථමික විද්‍යාලයේ දරුවන්ගේ මෙන්ම ලක්ෂඋයන ගම්වාසින්ගේ උපහාරය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පුද කරමින් උපහාර තිළිණ පිළිගැන්වීම ද සිදු කෙරිණි.
     
    උතුරු මැද පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා සහ ලක්ෂඋයන ප‍්‍රදේශවාසීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya