ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    ලෝක තරුණ බෞද්ධ සමුළුවේ සමාප්ති උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

    ඔක්තෝබර් 31, 2017

    මාතලේ, මිල්ලවාන මහා විද්‍යාලයේ පැවති ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ 14 වන වාර්ෂික සම්මේලනයේ සමාප්ති උත්සවය
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පැවැත්විණි.

    ලෝකය පුරා සිටින ථේරවාදී, මහායාන, තන්ත්‍රයාන, වජ්‍රයාන සහ සෙන් බෞද්ධාගමික තරුණ භික්ෂුන් වහන්සේලා දහසක පමණ පිරිසක්
    සහභාගීවූ මෙම සමුථව මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වුණේ තෙවන වරටය.

     

    ඔක්තෝබර් 27 වනදා ආරම්භ කෙරුණු 14 වන වාර්ෂික සමුථව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, මහනුවර
    පල්ලෙකැලේ පළාත් සභා සම්මන්ත්‍රණ ශාලාව යන ස්ථානවලදී පැවැත්විණි.

     

    මිල්ලවාන ප්‍රදේශයට රාජ්‍ය නායකයෙකු පැමිණි පළමු අවස්ථාව සනිටුහන් කරමින් මිල්ලවාන මහා විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා
    විිද්‍යාලයේ සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබීය.

     

    සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමිපාණන් වහන්සේ පිිරිස පංචශීලයේ පිහිටවූ අතර
    ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ මහලේකම් පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ හිමිපාණන් වහන්සේ පිළිගැනීමේ අනුශාසනාව සිදු කළහ.

     

    ලෝක බෞද්ධ සම්මේලනයේ සභාපති Annga Zadu හිමියන් ද උත්සව සභාව ඇමතීය.

     

    තරුණ බෞද්ධ සංඝ සභාවේ සාමාජික රටවල නියෝජිතයින්ට තිළිණ ප්‍රදානය කිරීම ද මෙහිදි ජනාධිපතිතුමා අතින් සිදු විය.

     

    මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අථවිහාරේ, දඹුල්ල එක්සත් ජාතික පක්ෂ සංවිධායක ප්‍රියාන්
    විෙජ්රත්න යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම සමාප්ති උත්සවයට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya