ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    දේශපාලන හේතු මත සමහරු නව ව්‍යවස්ථා යෝජනාවලට විරුද්ධ වීම කණගාටුයි

    ඔක්තෝබර් 31, 2017

    නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය පිළිබඳව ජනතාව අඳහස් ප්‍රකාශ කර තිබෙනවා. සමහරු දේශපාලන හේතු මත නව ව්‍යවස්ථා යෝජනාවලට විරුද්ධ වීම කණගාටුදායකයි යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ප්‍රකාශ කරයි.

    මන්ත්‍රීවරයා අද (31) පාර්ලිමේන්තුවේ දී මෙසේ ප්‍රකාශ කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වන යෝජනා ඇතුළත් අතුරු කමිටු වාර්තාවේ යෝජනා පිළිබඳව වන විවාදයට එක්වෙමිනි.

    එදා විරුද්ධ පක්ෂ පොදු අපේක්ෂකයා,මහින්ද රාකපක්ෂ මහතා පැහැදිළිව කිව්වා,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරනවා කියලා. ජනතා අඳහස් ලබාගැනීමේ කමිටු හදනවා කිව්වා. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා පැහැදිළිව කියා තිබුණා,නව ව්‍යවස්ථාවක් අවශ්‍යය් බව.ඉතාම පැහැදිළිව ජනතාව අඳහස් ප්‍රකාශ කර තිබෙනවා නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය පිළිබඳව. විශ්වාසය තිබෙනවා මේ ආණ්ඩුවට හැකියි ඉදිරියට යන්න. 2015 අගෝස්තු මහමැතිවරණය තිබුණා. සියට 56%ක වැඩි පැහැදිළි ජනවරමක් ලබුණා. අද තිබෙන්නේ ජන වරම ඉටු කිරීමටයි.

    ඒකීය රාජ්‍ය කුමක්දැයි ශ්‍රේෂ්ඨාධිකරණයත් පැහැදිළිව දක්වා තිබෙනවා. ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍ය බෙදිය නොහැකි බව දක්වා තිබෙනවා. සමහරු දේශපාලන හේතු මත නව ව්‍යවස්ථා යෝජනාවට විරුද්ධ වීම කණගාටුදායකයි. මෙවර හොඳම යෝජනා ඉදිරිපත් වුණේ, මහඇමැතිවරුන්ගෙන්. පළාත්සභාවේ නීති සැදීමේ අයිතිය එළෙසම තිබෙනවා. මේ ව්‍යවස්ථාව වෙනස් කිරීමට අවස්ථාව ලැබෙනවා. පළාත් රාජ්‍ය සේවා කොමිෂමේ තින්දු අභිබවා තීන්දු දීමේ බලය ස්වාධීන පළාත් රාජ්‍ය සේවා කොමිෂමට දෙන්න කියා තිබෙනවා යැයි ද මන්ත්‍රීවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya