ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    විධායක ජනාධිපති තෝරන්නේ මේ රටේ ජනතාවයි - බලය බෙදීම 13 වැනි ව්‍යවස්ථා රාමුව තුළ කළ යුතුයි

    නොවැම්බර් 08, 2017

    විධායක ජනාධිපති තෝරන්නේ මේ රටේ ජනතාවයි. බලය බෙදීම සිදු වන්නේ නම් එය 13 වැනි ව්‍යවස්ථා රාමුව තුළ කළ යුතු යැයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (08) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,පාර්ලිමේන්තුව විසින් පත්කරන ලද ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කාරක සභාවේ අතුරු වාර්තාව පිළිබඳ විවාදයට එක්වෙමිනි.

    අගමැතිතුමා තේරිම්කාරක සභාවේ වාර්තාව ඉදිරිපත් කළේ එහි සභාපතිවරයා මිස එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස නොවෙයි. මෙයට විවිධ දේශපාලන පක්ෂවල අඳහස් හා යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.
    දේශපාලන කෝණයෙන් බලලා,විවිධ අඳහස් අඩංගු වාර්තාවට ලේබලයක් ගැහුවා යෝජිත ව්‍යවස්ථාව කියලා. අනවශ්‍ය ලෙස කුලප්පු වුණා.  දැන් අනවශ්‍ය සිතුවිලි, අන්තවාදීන්ට ඉඩකඩ ලබාදුන් ප්‍රවේශය පාලනය කරගන්න හැකි වී තිබෙනවා.

    දේශපාලන පක්ෂ සංඝරත්නය බැහැ දකින්න යනවා. කරුණු පැහැදිළි කරනවා.එය හොඳයි. ප්‍රථමවරටයි මෙවැනි තෙරීම්කාරක සභාවකට වාඩි වෙන්නේ පක්ෂ සියල්ලම.එය සුවිශේෂී ලක්ෂණයක්.බුද්ධාගමට තිබෙන තැන වෙනස් කරන්න බැහැ කියන එක පැහැදිළිව කියා තිබෙනවා. මෙය වසර 2500කින් එන උරුමයක් නිසයි එසේ වන්නේ. වචන හුවමාරු කරන්න බැ එතන. වෙනත් ආගම් අඳහන අයට ඒ අවස්ථාවත් දෙන්න ඕන. සුහඳතාවය ශ්‍රී ලාංකික අනන්‍යතාවය ආරක්ෂා කරන්නේ කොහොමද? පාගා දමන්න බෑ. මෙය ෆෙඩරල් ව්‍යවස්ථාවක් වෙන්නේ නෑ.

    විධායක ජනාධිපති තෝරන්නේ මේ රටේ ජනතාවයි. ඒ බලතල දෙන්න බෑ,පාර්ලිමේන්තුවෙන් තෝරන කෙනෙකුට. විශ්වාසය තබන්නේ කොහොමද? ඒ බලය පාර්ලිමේන්තුවට ලබාදීම සුදුසු නෑ.මේ ඡන්ද ක්‍රමය වෙනස්විය යුතුයි කියා තිබෙනවා.මිශ්‍ර ඡන්ද ක්‍රමයක් ගේන්න ඕන.බලය බෙදීම පිළිබඳව ප්‍රායෝගික අත්දැකීම් තිබෙනවා. ලංකාවේ පළමු ප්‍රඥ්ඥප්තිය හැදුවේ මමයි. ඒ කාලේ ලොකු සටනක් දෙන්න වුණා,බලතල ගන්න.අපි අලුතින් ක්‍රමවේද හැදුවා.බලය බෙදීමට පක්ෂයි. එය 13 වැනි ව්‍යවස්ථා රාමුව තුළ කළ යුතුයි.සමගාමී ලැයිස්තුව තුල තවත් බලතල දෙන්න පුළුවන්. අපි මැද තැනකට එන්න ඕන, ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු නොකර. එලෙස එන්න පුළුවන්.දේශපාලන විසඳුමක් ද දිය යුතු බව අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya