ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ඊළමක් ඇතිවන,රට බෙදෙන ව්‍යවස්ථාවකට අත ඔසවන්නේ නෑ

    නොවැම්බර් 08, 2017

    රටට අද විදුලි පුටු අවධානමක් නැති බවත් ඊළමක් ඇතිවන, රට බෙදෙන කිසිම ජනකොටසකට අසාධාරණයක් සිදුවන ව්‍යවස්ථාවකට අත ඔසවන්නේ නැති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

     

    අමාත්‍යවරයා අද (08) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,පාර්ලිමේන්තුව විසින් පත්කරන ලද ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා  මණ්ඩලයේ මෙහෙයුම් කාරක සභාවේ අතුරු වාර්තාව පිළිබඳ විවාදයට එක්වෙමිනි.

    විවාදය ආරම්භවනවිට රටපුරා මතයක් ගියා ඡනදයක් ගැන. මෙතැන ඡන්දයක් නෑ. රට තුළ බොරුවක් මවනවා. ව්‍යවස්ථාවට පක්ෂ අයට වෙඩි තියන්න කියපු අය සිටියා. සමහරු කිව්වා පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඔන කිව්වා. අඩු මට්ටමකට මේ අය වැටිලා. අභූත චෝදනා නගමින් ප්‍රකාශ කරනවා.

    එදාත් ජතිවාදී කණ්ඩායම් සිටියා.එදා විසදුම් ලබාදී තිබුණානම් ජීවිත විනාශ වෙන්නේ නෑ.එදා අපිට කිව්වේ එක්සත් රටක් ගැනයි. අද එහෙම අඳහස් කියා දීපු ජී.එල් මහතා වෙනත් දෙයක් කියන්න පටන් ගෙන. බලය තියෙනකොට එකක් කියනවා. නැතිවෙලාවට එකක් කියනවා. රට ආපස්සට යන්න ප්‍රධන හේතුව එකයි.මේ ප්‍රශ්නය විසඳන්න තියෙන හොඳම අවස්ථාව ඇවිත් තිබෙන්නේ. අලුත් ව්‍යවස්ථාව සම්බන්ධව සුබවාදීව අඳහස් ඉදිරිපත් කර තිබෙනවා.අප රටක් විදියට යම් යම් ජයග්‍රහන ලබාගත්තා. ජාත්‍යනතර වශයෙන් පිළිගැනීමක් තිබුණේ නෑ. අද විදුලි පුටුවේ අවධානම නෑ. ජී.එස්.පී තහනම ඉවත්කරගන්න හැකි වුණා. ර්ට පිළිබඳව ජාත්‍යනතර විශ්වාසය ඇති වී තිබෙනවා. ජාතික ප්‍රතිපත්තියක් සකස් කෙරෙන වැඩපිළිවෙලක් ආරම්භ කරනවා. රට තුළ එකවැඩපිළිවෙලකට යා යුතුයි. ගමෑඉ මිනිසුන්ගේ අඳහස් අරගෙන සංවර්ධනය ගේන්න ඕන. ඒ සඳහා යා යුතු බවද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya