ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මෙවර අය වැයෙන් ද අධ්‍යාපනය වෙනුවෙන් වැඩි මුදලක් වෙන් කර තිබෙන බව ජනපති පවසයි

    නොවැම්බර් 10, 2017

     

    වත්මන් රජය සිය රාජ්‍ය ප‍්‍රතිපත්තිය තුළ රටේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ප‍්‍රමුඛත්වයක් ලබාදී තිබෙන අතර පසුගිය වසර කිහිපය තුළ මෙන්ම මේ වසරේ අය වැයෙන් ද අධ්‍යාපනය වෙනුවෙන් වැඩි මුදලක් වෙන්කර තිබෙන බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයට ඊයේ (09) පෙරවරුවේ එක්වෙමිනි.

     

    ජාතියේ අනාගතය සඳහා වැදගත්වන්නේ රට තුළ උගතුන් සහ බුද්ධිමතුන් වැඩි වැඩියෙන් බිහිවීම බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා අධ්‍යාපනය තුළ කිසිවිටෙකත් අඩුපාඩු නොතිබිය යුතු අතර, ඒ සඳහා සියලු සම්පත් ලබාදීම අත්‍යාවශ්‍ය බව ද අවධාරණය කළේය.

     

    මෙහිදී ජනාධිපතිතුමා එම සිසු දැරියන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබීය.

     

    විශිෂ්ටතා දැක්වූ දැරියන්ට ත්‍යාග ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදුවූ අතර, ගුරු භවතුන් ද ඇගයීමට ලක්කෙරිණි.

     

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, රාජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න යන මහත්වරුන් ද විදුහල්පතිනි මාලනී සමරකෝන් මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමව්පියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya