ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මත්ද්‍රව්‍ය උවදුරෙන් දරුවන් බේරා ගැනීමට රජය කැපවෙනවා ජනපති මොරටුවේදී කියයි

    නොවැම්බර් 10, 2017

    මොරටුව මෙතෝදිස්ත උසස් විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පෙරවරුවේ පැවැත්විණි.

    මොරටුව මෙතෝදිස්ත උසස් විද්‍යාල වෙත පැමිණි ජනපති එම සිසු දරුවන් විසින් ද මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබීය.


    විද්‍යාලයේ 175 වන සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම ද සිදු කෙරිණි.


    මෙවර ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන්, අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමතුන් සහ කී්‍රඩා ක්ෂේත්‍රයේ කුසලතා දැක්වූවන්
    ඇගයීමට ලක්කරමින් තිළිණ පිළිගැන්වීම ද ජනපති අතින් සිදු විය.


    මෙහිදී සිසුන් ඇමතූ ජනපති සඳහන් කළේ දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනගාදීමට රජයේ සියලු වගකීම් නිසි ලෙස ඉටු කරන අතර,
    අධිෂ්ඨානයෙන් සහ ආත්ම ශක්තියෙන් විභාග මෙන්ම ජීවිත ද ජය ගැනීමට දරුවන් කටයුතු කළයුතු බවයි.



    ප‍්‍රබල සමාජ උවදුරක් වී තිබෙන මත්ද්‍රව්‍ය උවදුරෙන් දරුවන් බේරා ගැනීමට රජයේ කැපවීම මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා ඒ
    සඳහා සමාජයේ සියලු දෙනා වගකීම් ඉටුකිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන්නේය.



    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, රාජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න, බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ යන
    මහත්වරුන් සහ විදුහල්පතිනි නිලන්ති පෙරේරා මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමව්පියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම
    අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya