ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මැතිවරණය ඉලක්ක නොවූ අයවැයක් - මන්ත්‍රී එස්.එම්.මරික්කාර්

    නොවැම්බර් 15, 2017

    රටේ අපනයනය මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැඟිය යුතුයි. අයවැය ඉදිරිපත් කර තිබෙන්නේ මැතිවරණය ඉලක්ක කරගෙන නොවෙයි යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

    විසර්ජන පනත් කෙටුම්පත 2018 ( පස්වැනි වෙන් කළ දිනය ) අද(15) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණු අතර දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා  මේ බව ප්‍රකාශ කර සිටියේ ය.

    අද මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය බුක්තිවිදිනවා.ඒක ජනතාව දන්නවා.මේ ආණ්ඩුවේ දුර්වලකම් තියෙන්න  පුළුවන්, එහෙම කියලා පරණ අය ගේන්න ජනතාව සූදානම් නෑ. ප්‍රායෝගික ආදායම්වියදම් පරතරයක් පෙන්වා තියෙනවා.මේ අයවැය ප්‍රායෝගික ඉලක්ක පදනම් කරගෙන මැතිවරණ ඉලක්ක පදනම් නොකරගත් අයවැයක්.

    ජනතාව වෙනුවෙන් සතුටුවිය හැකි අයවැයක්. නාගරික නිවාස සඳහා  අපේ ජනතාව ප්‍රතිලාභ ලැබෙනවා. මේ අයවැයේ දී  අරුවක්කාරු කසළ ප්‍රතිචක්‍රීකරණයට මුදල් වෙන් කර තිබෙනවා. කසළ ප්‍රතිචක්‍රීකරණය හරහා කොළොන්නාව නිඳහස් කරගැනීමට තල්ලුවක් ලැබෙනවා.කොළොන්නාව පළමු නිවාස ව්‍යාපෘතිය හදලා ඉවරයි. මහපොළ ශිෂ්‍යාධාර ලබාදීමට හැකිවීම ගැන සතුටු වෙනවා.

    දේශීය කර්මාන්තකරුවන් අප ආරක්ෂා කළ යුතුයි. නැව් සමාගම් ඒකධිකාරයට ලක් නොවී ලෝකයේ දියුණු සමාගම්වලට දෙන්න හැකිවුණා. අපනයනය මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැඟිය යුතුයි. විශාල ව්‍යාපෘති ගිනි පොළියට ණය අරන් කරන්න බෑ. තරුණ පරම්පරවට ලෝකය දිනාගන්න මුදල් ඇමැතිතුමා ගත් උත්සාහාය අගය කරනවා යැයි ද මන්ත්‍රීවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya