ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    රටේ සියලු සමාජ තීරුවලට සධාරණය ඉටු වන අයවැයක්

    නොවැම්බර් 15, 2017

    රටේ සියලු සමාජ තීරුවලට සධාරණය ඉටු වන අයවැයක් ඉදිරිපත් කර ඇතැයි වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

     

    විසර්ජන පනත් කෙටුම්පත 2018 ( පස්වැනි වෙන් කළ දිනය ) අද(15) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණු අතර දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ය.

     

    මෙම අයවැය ඉතාම කාලෝචිත අයවැයක් ඉදිරිපත් කළා. මේ රටේ සියලු සමාජ තීරුවලට සධාරණය ඉටු වන අයවැයක් ඉදිරිපත් කළා. තිරසාර සංවර්ධනයක් වෙනුන් කාර්යභාරයක් ඉටුකළා. ලෝකයේ රටවල් පරිසර හිතකාමී ලෙසයි සංවර්ධන ප්‍රතිපත්ති සකස් කරන්නේ. මේ අයවැය විද්‍යාණුකූලව සකස් කර තිබෙනවා.මුදල් අමාත්‍යවරයා සෑම අභියෝගයක්ම බාර ගත්තා.

    මේ රටේ ගොවි ජනතාවට ජලය දෙන්න යාං ඔය වැඩපිළිවෙල අවසන් වෙමින් පවතිනවා. මොරාණ ව්‍යාපෘතිය කටයුතු කරනවා. සෑම වාරි වේල්ලක්ම ශක්තිමත් කරන්න කටයුතු කර තිබෙනවා.භූගත ජලය කලමනාකරණය කරනවා වගේම සංරක්ෂණය කරනවා. ජනතාගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් අවශ්‍ය මුදල් අයවැයෙන් ලබාදී තිබෙන බවද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya