ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    පක්ෂයක් ලෙස මැතිවරණය කල්දැමීමට ඉල්ලීමක් කර නෑ - අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

    නොවැම්බර් 17, 2017

    පක්ෂයක් ලෙස මැතිවරණ කල්දැමීමට ඉල්ලීමක් කර නොමැති බවත් මැතිවරණය පවත්වන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (17) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ, අයවැය 2018 වැයශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමිනි.

     

    විධායක ජනාධිපතිධූරය පිළිබඳ විවාදයක් තිබෙනවා. බලය විමධ්‍යගත කිරීමත් සමඟ පළාත් සභ සංකල්පයක් තියෙනවා නම් ජනතා ඡන්දයෙන් පත් වෙන ජනාධිපතිවරයෙක් අවශ්‍යයි කිව්වා. රටේ ඒකීය භාවය ආරක්ෂා කරන්න ජනාධිපතිධූරය අවශ්‍යයි.

    බලාය බෙදීමත් එක්ක,ලෝකයේ ත්‍රස්තවාදී ප්‍රවණතා බලන විට ජනතා ඡන්දයෙන් පත්වන ජනාධිපතිවරයෙක් අවශ්‍යයි. මේ පිළිබඳව ගැඹුරින් කල්පනා කරලා ශ්‍රී ලංකා නිඩහහස් පක්ෂය මේ තීරණය ගෙන තිබෙන්නේ. කොමිෂන් සභවකට දඬුවම් දීමේ බලයක් නෑ. පරීක්ෂණ යට ගිහින් නෑ. වර්තමාන ජනාධිපතිතුමා සංවර්ධනය සඳහා විශාල කාර්යභාරයක් භාර ගනිමින් දැවැන්ත සේවයක් කරනවා. ජනාධිපති අරමුදල මඟින් විශාල සේවාවක් කර තිබෙනවා. ජනතාව වෙත මුදල් ලබා දී ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ විශිෂ්ඨ සේවයක් ඉටු කර තිබෙනවා.
     

    නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරී ප්‍රමාණය මදියි. පුහුණු පිරිස අඩුයි. එහෙත් විශල වැඩකොටසක් කරනවා. ඔවුන්ට තිබෙන අපහසුතාවලට පිළියම් යොදන්න අවශ්‍යයයි. විශේෂ ක්ෂේත්‍ර ලෙස සළකා සංවර්ධනය කරන්න ඕන. පළාත් පාලන මැතිවරණය කල් දමන්න උසාවි ගිහින් නෑ. පක්ෂයක් වශයෙන් අපේ ස්ථාවරය වහාම මැතිවරණය පැවැත්විය යුතුයි කියන එකයි. මැතිවරණය තියන්න කියන ඉල්ලීම අධිකරණයෙන් විසින් කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් බලාපොරොත්තු වෙනවා. ජනාධිපතිතුමා පූර්ණ කාලය තම ජනතව වෙනුවෙන් කැපවෙනවා.ජාත්‍යන්තර පිළිගැනීම එතුමාට තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya