ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    පරිසරය සුරැකීමට නීති ශක්තිමත් කර තිබෙනවා

    නොවැම්බර් 17, 2017

    පරිසරය සුරැකීමට නීතිරීති ශක්තිමත් කර තිබෙන බවත් වන ගහණය වැඩි කිරීමට ජනාධිපතිතුමා වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකශ කරයි.

    රාජ්‍ය අමාත්‍යවරයා අද (17) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ,අයවැය 2018 වැයශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමිනි.

     

    පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල් ගියේ සීමා නීර්ණ ගැටලුව නිසායි. සීමා නීර්ණයන්වල ගැටලු පැවැති නිසා කොමිසන් සභාවක් පත් කළා. ඒ නිසා එය කල් ගියා. අධිකරණයේ නඩුවක් ගැන කතා කළා. මැතිවරණය හා ප්‍රජාතන්ත්‍රවාද අයිතිය ගැන පාර්ලිමේන්තුවේ කතා කළා. ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ගැනත් මන්ත්‍රීවරයෙක් කතා කළා. ජාතික වැඩසටහන් රැසක් මේ වැය ශීර්ෂය යටතේ තිබෙනවා. රාජ්‍ය නායකයකුගේ යුතුකමක් වන්නේ ජාතික වැඩසටහන්වලට උර දීම. පරිසරය විනාශ වීම පසුගිය කාලයේ සිදු වුණා. වන ගහණය වැඩි කිරීමට ජනාධිපතිවරයා වැඩසටහන් ක්‍රියාවට නංවනවා.


    එම වැඩසටහන් ජනාධිපති වැය ශීර්ෂයට ගැනෙනවා. වැලි, පස්, ලී ප්‍රවාහනයේ ගැටලු තිබිය හැකියි. පරිසරය සුරැකීමට නීතිරීති ශක්තිමත් කර තිබෙනවා. ජනතාව කොහොම දොස් කීවත් එම ව්‍යසනයෙන් පරිසරය බේරා ගැනීමට දැඩි කළ නීතිරීතිවලට හැකියාව ලැබී තිබෙනවා. ඉඩම් කළමනාකාරිත්වයට නීතිරීති හදා තිබෙනවා. ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය යටතේ වකුගඩු නිවාරණ වැඩසටහනත් ක්‍රියාත්මක වෙනවා. වකුගඩු රෝගය නිට්ටාවටම සුව කිරීමට ජනතාව දැනුවත් කිරීම ඇතුළු වැඩසටහන් ක්‍රියාත්මකයි. අලුත් ග්‍රාම ශක්ති වැඩසටහන යටතේ දිළිඳුකම පිටුදැකීමට වැඩසටහන් ඉදිරිපත් කර තිබෙනවා.

    මේ වැඩසටහන තුළදි හැම පවුලක්ම ඉලක්ක කර ගනිමින් රුපියල් 8000 ක මුදලක් වැය කරනවා. එමඟින් දුප්පත්කම තුරන් කිරීමට හැකියාව තිබෙනවා. රට සංවර්ධනය කිරීමේදි මූලික ලෙස මහාමාර්ග, ගුවන් තොටුපොළ, වරාය හැදුවා. රට භෞතික ලෙස දියුණු වී තිබෙනවා. මැතිවරණ ක්‍රමය, විධායක ක්‍රමය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා රටේ සංවාදයක් ඇති වීම ගැන අපි සතුටුයි. මේ සම්බන්ධයෙන් ඕනෑම අයකුට තම මතය ඉදිරිපත් කරන්න පුළුවන් යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya