ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ජාති භේදයකින් තොරව ශ්‍රී ලාංකික ජාතියක් ලෙස එකට ගමන් කිරීම වැදගත් - අමාත්‍ය දයාසිරි ජයසේකර

    නොවැම්බර් 25, 2017

    ඒකීය භාවය ආරක්ෂා කරමින් බලය බෙදීමේ වැඩපිළිවෙලකට යමු. ජාතික කොඩියට අත තියන්න සූදානම් නෑ යැයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    පටු ජාතිය වාදය ඉදිරියට දාගෙන යන්න ඇතැමුන් හදනවා.සමහරු ජාතික කොඩිය අල්ලා ගන්නවා.ජාතික කොඩිය ඔසවන්න බෑ කීම නින්දිත ක්‍රියාවක්. ජාතික කොඩියට ඉතිහාසයක් තිබුණා. මේ රට එක කොඩියකට එකතු වුණේ විශාල කර්තව්‍යයක් කරලා. ඊ.ඩබ්ලිව් පෙරේරා මහතා එංගලන්තයට ගිහින් කොඩිය ගෙනාවේ.

    සිංහල දෙමළ මුස්ලිම් ජනතාව නියෝජනය වෙන්න ජාතික කොඩියට එකතු කරලා තියෙන්නේ.සිංහයාගේ අතේ කඬුවෙන් කියන්නේ ශ්‍රී ලාංකීය ජාතියේ අභිමානයයි. සිංහ කොඩිය යටතේ ඉන්න බැරි නම් ලංකාවෙන් යන්න පුළුවන්.

    එකට වැඩකරන්න හදන වෙලාව ජතිවාදය ඇති කරන්න එපා. එකට යන ගමනකට එකතු වෙලා, ජාති භේදයකින් තොරව ශ්‍රී ලාංකික ජාතියක් ලෙස එකට ගමන් කිරීමයි වැදගත් වෙන්නේ. ඒකීය භාවය ආරක්ෂා කරමින් බලය බෙදීමේ වැඩපිළිවෙලකට යමු. ජාතික කොඩිය වෙනස් කරනවා නම් ජනමත විචාරණයකට යා යුතුයි. ජාතික කොඩියට අත තියන්න සූදානම් නැතැයි ද අමාත්‍යවරයා පැවසී ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya