ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ඉන්දියාව,චීනය ඇතුළු සියලු රටවල් ශ්‍රී ලංකාව සමඟ මිත්‍රත්වයෙන් කටයුතු කරනවා

    නොවැම්බර් 25, 2017

    ඉන්දියාව, චීනය ඇතුළු සියලු රටවල් ශ්‍රී ලංකාව සමඟ මිත්‍රත්වයෙන් කටයුතු කරන බවත් හුදකලාවට ලක් වූ ශ්‍රී ලංකාව ඉන් බේරාගැනීමට යහපාලන රජය විවිධ පියවර ගත් බවත් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි.

    විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවදයට අඳහස් දක්වමින් රාජ්‍ය අමත්‍යවරයා අද (25) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.

    ශ්‍රී ලංකාව හුදකලාවෙන් බේරාගන්න යහපලන රජය විවිධ පියවර අරගෙන තිබෙනවා. ඉන්දු ලංකා හිතවත්කම් දීර්ග කාලයක් තිස්සේ පවතිනවා. ඉන්දීය අගමැතිතුමා ශ්‍රී ලංකාවට සහාය අඛණ්ඩව ලබා දෙනවා.ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ හිතවත්කමේ ශක්තිය මනාව පෙන්නුම් කරනවා.මේ සබඳතාවය ඉදිරියට ගෙන යාමට හැකි වුණේ දෙරටේ විශ්වාසය නිසයි. මසුන් මැරීම දී ඇතිවන ගැටළු විසඳීමට අගමැති මෝදී මැතිතුමා පියවර ගෙන තිබෙනවා.

    චීනය සමඟ අපේ රජය මිත්‍රත්වයෙන් කටයුතු කරනවා. ශ්‍රී ලංකාව සමඟ ගිවිසුම් ඇතිකරගෙන තිබෙනවා. චීනය අඛණ්ඩව සංවර්ධන කටයුතු වලට දායකත්වය ලබාදෙනවා.නේස්බී සාමිවරයා නිවැරැදි දේ වෙනුවෙන් කතා කරන කෙනෙක්. ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ ප්‍රකාශයක් කර තිබෙනවා. රජය විශේෂයෙන්,විදෙස් අමාත්‍යාංශය නියම අවස්ථාවේ දී සුදුසු තැන්වල භාවිතා කිරීම වටිනවා.ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී,මානව හිමිකම් රකින රටක් ලෙස දකිනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya