ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මඟී ගමනාගමනයේ සංස්කෘතිය වෙනස් වෙමින් පවතිනවා- දුම්රිය,ගුවන් ඇතුළු පොදු ප්‍රවාහනය නැංවීමට පියවර

    නොවැම්බර් 25, 2017

    මඟී ගමනාගමනයේ සංස්කෘතිය වෙනස් වෙමින් පවතින බවත් පොදු ප්‍රවාහනය අකර්ෂණය කරන්නේ කෙසේදැයි අභියෝගය තියෙන බවත් ඒ සඳහා ආයෝජනය කළ යුතු බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවදයට අඳහස් දක්වමින් අමත්‍යවරයා අද (25) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.

    ඉදිරි වර්ෂවල ප්‍රවාහන සේවය ජනතාවට සමීප කිරීමට කටයුතු කරනවා. දුම් රිය සේවය සියයට 5%යි ප්‍රවහනය කරන්නේ. අද ප්‍රවනතාවයක් තියෙනවා, තමන්ගේ වාහනවලින් යන්න. මඟී ගමනාගමනයේ සංස්කෘතිය වෙනස් වෙමින් යනවා. පොදු ප්‍රවාහනය අකර්ෂණය කරන්නේ කොහොමද? කියන අභියෝගය තියෙනවා. ඒ සඳහා ආයෝජනය කරන්න ඕන.

    අපි දුම්රිය ගාස්තු වඩි කර නෑ. කැළණිවැලි දුම්රිය මාර්ගයේ අනවසර පදිංචි කරුවන් ඔවුන් විකල්ප ස්ථානයක පදිංචි කර ඉවත් කර ද්විත්ව මාර්ගයක් ලෙස සංවර්ධනය කරන්න කටයුතු කර තිබෙනවා. මහනුවර පේරාදෙණිය ඉදිකරගෙන යනවා. විශාල පාලන් හතරක් කරලා තියෙනවා.

    අනාරක්ෂිත දුම්රිය ගේට්ටු 200ක් සඳහා එන වසරේ ටෙන්ඩර් කැදවීමට කටයුතු සූදානම් කර තිබෙනවා. දුම්රිය එන්ජින් ගන්න කටයුතු කර තිබෙනවා. මේ සියල්ල දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබෙනවා. දුම්රිය මැදිරි 160 ලබාගැනීමට ඉන්දීය ණය සහනාධර යටතේ අවශ්‍ය කටයුතු සිදු කර ගෙන යනවා.ඕමන්ත දුම්රිය මාර්ගය සංවර්ධනය ආරම්භ කර තිබෙනවා. පොල්ගහවෙල ද්විත්ව මාර්ගය සංවර්ධනය කරනවා.කොළඹ තදාසන්න දුම් රිය මාර්ගය සක්‍යතා සකස් කරමින් යනවා යැයි අමාත්‍යවරයා පැවසී ය.


    කොළඹ- රාගම හතරවන මාර්ගය ඉදිවෙනවා. කොළඹ රඹුක්කන මාර්ගය සංවර්ධනය වෙනවා. වැඩකටයුතු රැසක් වෙනවා. නව සංඥා පද්ධතියක් ඇති කරනවා. ඉලෙක්ට්‍රික් ටිකට් යන්ත්‍ර ලබාදෙන්න කටයුතු කරනවා.ලංකා ගමනාගමන මණ්ඩලය ලාබ ලබන ආයතනයක් බවට පත්වෙලා. සේවක වැටුප් නිසි ලෙස ගෙවනවා. ගමනාගමන මණ්ඩලය ඉදිරියට ගෙන යෑමට හැකි වීම ගැන සතුටු වෙනවා.මෝටර් රථ ප්‍රවාහන  දෙපාර්තමේන්තුව විශාල සේවයක් කරනවා. ඉදිරියේ දී දූෂණය හා නාස්තිය අවම කිරීමට වැඩසටහන් රාශියක් සිදු කරමින් පවතිනවා.ප්‍රවාහන වෛද්‍ය සභාව විශාල සේවයක් කරනවා. විශාල ලෙස බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියේ දී දායකත්වයක් ඉටු කර තිබෙනවා. සිවිල් ගුවන් සේවා අධිකාරිය දැවැන්ත තාක්ෂණික සේවයක් රටට ලබාදෙනවා.

     

    සිවිල් ගුවන් සේවා ප්‍රතිපත්තියේ අවසන් සාකච්ඡාව කරගෙන යනවා. ලංකාවට ගැළපෙන හොඳ සිවිල් ගුවන් සේවා ප්‍රතිපත්තියක් සකස් කරනවා. ගුවන් තොටුපල ආදායම වැඩිවෙලා තියෙනවා. කිසිම අලුත් කිරීමක් නොකළ ගුවන් පථය අලුත් කළා. මිලියන 900ක සිවිල් ගුවන් සේවා අධිකාරියට ගොඩනගිල්ලක් හදාගෙන යනවා. මඟීන් මිලියන 6ක් සඳහා පමණයි ගුවන්තොටුපලේ ඉඩ තිබෙන්නේ.ප්‍රමදය තිබෙන්නේ අප නිසා නොවෙයි සිදු වී තිබෙන්නේ . තාවකාලික ගුවන් පර්යන්තයක් සෑදීමට කටයුතු කරගෙන යන බවද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya