ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    විදෙස් ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක් ලබදීම සඳහා වූ මූලික පනත් කෙටුම්පත සකස් කර අවසන්

    නොවැම්බර් 27, 2017

    විදෙස් ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක් ලබදීම සඳහා වූ මූලික පනත් කෙටුම්පත සකස් කර අවසන් බව එය නීතිපති දෙපාර්තමේන්තුවට යවා ඇති බවත් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

    විදේශ රැකියා අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට අඳහස් දක්වමින් අද (28) පාර්ලිමේන්තුවේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසී ය.

    විදේශ ශ්‍රම වෙලඳපොළේදී මේ වනවිට ලංකාවට අභියෝග රැසකට මුහුණ දීමට සිදු වී තිබෙනවා. ලංකාවේ ශ්‍රම වෙලඳපොළ සම්බන්ධයෙන් ද ගැටළුවක් ඇති වී තිබෙන අවස්ථාවක දී අඩු මුදලකට නුපුහුණු ශ්‍රමිකයන් විදේශ රැකියා
    සඳහා යොමු කිරීමට අවශ්‍ය නෑ.

    පසුගිය වසරේ දී විදේශ රැකියා සඳහ දෙලක්ෂ හතලිස් දෙදහස් නමසිය තිහක් විදේශ ගත වී ඇති නමුත් මේ සැප්තැම්බර් මාසය වනවිට විදේශ ගත වී තිබෙන්නේ,162,328ක් පමණයි.2014 සිට මේ දක්වා ක්ට්මයෙන් ශ්‍රමිකයන් විදේශ ගතවීම් අඩුවීමේ ප්‍රවණතාවක් හඳුනාගැනීමට හැකියාව ලැබෙනවා.

    විශේෂයෙන් ම ගෘහ සේවිකාවන් ලෙස කාන්තාවන් විදේශගතවීම් අඩු කිරීමට අපි කටයුතු කර තිබෙනවා. එය සියයට 33ක් දක්වා අඩු කරගැනීමට හැකි වී තිබෙනවා.ළමුන්ගේ ආරක්ෂව වෙනුවෙන් කාන්තාවන් විදේශගත වීමේ දී පවුල් පසුබිම් වර්තාවක් ලබාගන්නවා. මේ නිසා දරුවන්ගේ ආරක්ෂව තහවුරු වන අතරවාරයේ දී ම කාන්තාවන් ගෘහ සෙවිකාවන් ලෙස විදේශ ගත කිරීම් අඩු කරගැනීමට හැකියාව ලබුණ.

    අලුත් රැකියා වෙලඳපොල හඳුනාගැනීමට පියවර ගෙන තිබෙනවා.අපේ ප්‍රමුඛ අවධනය යොමු කරන්නේ ශ්‍රමිකයන්ගේ ආරක්ෂාවයි.ලියාපදිංචි නොවූ ශ්‍රමිකයන් රැකියා සඳහා විදේශගතවීමට උත්සහ ගැනීමේ දී ඔවුන් වැලැක්වීමට කටයුතු කරනවා.

    සංචාරක වීසා ලබාගෙන රැකියා සඳහා පිටත්ව යනවා. ඔවුන් පරික්ෂ කර නැවත හරව එවන්නට කටයුතු කරනවා.විදේශගත ශ්‍රමිකයන්ගේ අභිමානය ආරක්ෂා කරගැනීමට කටයුතු කරනවා.මේ වසරේ දී වැටලීම් 169ක් සිදු කර එයින් 166ක් සාර්ථක කරගත්තා. ඒජන්සි බලපත්‍ර ලබාදීම සීමා කර තිබෙනවා.

    විදෙස් ශ්‍රමිකයන්ගේ විශ්‍රාම වැටුපක් ගැන දීර්ඝ කලයක් තිස්සේ සකච්ඡා කළා. මේ වනවිට විශ්‍රාම වැටුපක් ලබාදීමට අවශ්‍ය මූලික පනත් කෙටුම්පත සකස් කර අවසන්. එය දැන් නීතිපති දෙපර්තමේන්තුවට යව තිබෙනවා. ලබන වසර තුළ විශ්‍රාම වැටුප ලැබදීමට හැකියාව ලබේවි යැයි ද නියෝජ්‍ය අමත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya