ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    පුහුණුවෙන් අනතුරුව රැකියාගත කිරීමේ වැඩපිළිවෙලක් -අමාත්‍ය චන්දිම වීරක්කොඩි

    නොවැම්බර් 30, 2017

    කාර්මික හා ඉදිකිරීම් අංශයේ පුහුණුවෙන් අනතුරුව රැකියාගත කිරීමේ වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත් පසුගිය වසර දෙක තුළ රැකියාගත කර ඇති සංඛ්‍යාව 63603ක් බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කළේ ය.

    අමත්‍යවරයා අද (30) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, අද (30) පාර්ලිමේන්තුවේ දී වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබදෙමිනි.

    පසුගිය වසර දෙක තුළ පුහුණු කර ඇති ආධුනිකයන් සංඛ්‍යාව 166025ක්. ඉදිකිරීම් සහ කාර්මික අංශය සඳහා පුහුණුව ලබාදී ඇති සංඛ්‍යාව 79326කි. එම ප්‍රමාණයෙන් රැකියාගත කර ඇති සංඛ්‍යාව 63603ක් බව අමාත්‍යවරයා
    පිළිතුරු ලබාදෙමින් පැවසීය.

    පසුගිය වසර දෙක තුළ කාර්මික හා ඉදිකිරීම් අංශයේ පුහුණුව ලැබූ සංඛ්‍යාව ශ්‍රම බලකායේ ඉල්ලුමට ප්‍රමාණවත් නොවන බව ද ඒ අනුව බඳවා ගන්නා ආධුනිකයන් සංඛ්යාව වැඩි කිරීමට පියවර් අගනා බවද අමාත්‍යවරය
    පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා - ශිෂ්‍යත්ව ලබාදී තිබෙනවාද?

    අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා- පුහුණුවට යොමු නොවන අංශ සඳහා පුහුණු කාලය තුළ යම් මුදලක් ලබාදීමට සහ පුහුණුවෙන් පසු රැකියා ගත කිරීමට වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා.අපේ අරමුණ විවිධ
    ක්ෂේත්‍රවල කර්මාන්තවලට පුහුණු ශ්‍රමිකයන් නොමති බව. ඒ ඉල්ලුම අනුව ගැළපෙන ආකාරයට පුහුණු කිරීම ආරම්භ කරනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya