ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    පාසල්වල මත්ද්‍රව්‍ය පාලනයට කමිටු පිහිටුවා වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි

    නොවැම්බර් 30, 2017

    ජනප්‍රිය පාසල් අතර වාර්ෂිකව පවත්වන මහා ක්‍රිකට් තරඟ සහ සැණකෙළි සඳහා බියර් සමාගම්වල අනුග්‍රහය දැක්වීමට කිසිදු අවසරයක් ලබාදී නැතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (30) පාර්ලිමේන්තුවේ දී මෙසේ සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.


    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා - පාසල් පරිශ්‍ර තුළ ඔනෑම තරඟාවලියක දී මත්ද්‍රව්‍ය දුම් වැටි ආයතනවල අනුග්‍රහය ලබාගැනීම සම්පූර්ණයෙන් තහනම් කර ඇත. මත්ද්‍රව්‍ය ප්‍රචාරය තහනම් කිරීමට පියවර
    ගෙන ඇත.

    පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා- හෙරොයින් අඩංගු ටොෆි වර්ග පාසල් දරුවන් අතර යනවා කියනවා. ටැටූ මැෂීන් පාසල් තුළට ඇවිත් තියෙනවා. පාසල්වල සැණකෙළි අවට බියර් සමගම් වෙළඳකුටි දානවා.පාසල්
    අවට මත්පැන් උපයෝගී කරගන්නවා. සමහර ආදි ශිෂ්‍ය සංගම් සහාය දෙනවා ?

    අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා - පාසල්වල මත්ද්‍රව්‍ය උවදුර නැති කිරීමට පාසල් මට්ටමින් කමිටු පිහිටුවා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. හැකි තරම් අවම කර තිබෙනව. පාසලින් එළියේ ක්‍රිඅයදාමය වළක්වා
    ගන්න අසීරු.එලියේ සිදුවන වැඩපිළිවෙල පාලනය කිරීමට කටයුතු කළ යුතුයි. මත්ද්‍රව්‍ය උවදුර වැටලීමට වැඩපිළිවෙලක් කළා. යම් අවම වීමක් දක්නට ලැබෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya