ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    නිවාස ප්‍රශ්නය විසඳීමට ආකර්ෂණීය නිවාස වැඩසටහන් රැසක් අරඹා තිබෙනවා.

    දෙසැම්බර් 04, 2017

    නිවාස ප්‍රශ්නය විසඳන්න ආකර්ෂණීය නිවාස වැඩසටහන් ගණනවක් ආරම්භ කර තිබෙන බවත් ජනතාව වෙනුවෙන් නිසි කාර්යභාරයක් ඉටුකරන අමාත්‍යාංශයක් බවත් නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා අද (4) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    නියෝජ්‍ය අමාත්‍යවරයා නිවාස හා ඉදිකිරීම් වැයශීර්ෂ විවාදයේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.

    නිවාස අමාත්‍යාංශ එදා වෙන් කළ මුදල් සීමා සහිතයි. එයින් යම් යම් කණ්ඩායම් පෝෂණය වුණා. ඒ නිසා නිවස අවශ්‍යතවය උග්‍ර වුණා. වර්තමානයේ දී රටේ නිවාස පිළිබඳව සමීක්ෂණයක් කළා.1340928ක නව නිවාස 
    අවශ්‍යතාවක් තිබෙනවා. පවුල්වලින් අඩකට නිවස නෑ. වර්තමාන රජය බලයට පත් වුණාට පසුව අමාත්‍යාංශයට විශාල ප්‍රතිපාදන ලැබුණා. නිවාස ප්‍රශ්නය විසඳන්න ආකර්ෂණීය නිවාස වැඩසටහන් ගණනවක් ආරම්භ කර 
    තිබෙනවා. ගම්මාන 500ක් ඉදිකරගෙන යනවා. වසර 2020 වනවිට නිවාස 2500ක ඉලක්කයක් තිබෙනවා. ''ශිල්ප සවිය'' පුද්ගලයන් 10,000කට ලබාදෙන්න කටයුතු කර තිබෙනවා. උතුරු පළාතට නිවාස වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වෙනවා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya