ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    වතුකරයේ රෝහල් සංවර්ධනයට පියවර

    දෙසැම්බර් 04, 2017

    වතුකරයේ පවතින රෝහල් සංවර්ධනය කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් කාසීම් මොහොමඩ් ෆයිසාල් මහතා පවසයි.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.

    වතුකරයේ සංවර්ධනය වෙනුවෙන් මිලියන 200ක් වියදම් කළා.වතු රෝහල් 200ක් අමාත්‍යාංශය මඟින් අනාගතයේ සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා. අම්පාර රෝහලට විද්‍යාගාරයක් සකස් කරන්න යෝජනා වුණා.තිරුක්කෝවිල්,සමන්තුරේ, වාලච්චෙනි ප්‍රදේශවල ඔසු සැල් විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ රෝහල් සංවර්ධනයට මිලියන 100ක් වියදම් කර තිබෙනවා. නැඟෙනහිර ප්‍රදේශයට මිලියන 530ක් ලබාදී තිබෙනවා. මිලියන 1800ක් වෙන් කර තිබෙනවා, හදිසි අනතුරු රෝහලක් කල්මුනේ ස්ථාපිත කරන්න. ඒ සඳහා මේ වනවිට ටෙන්ඩර් කැඳවා තිබෙනවා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා
    පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya