ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    වෙහෙර විහාරස්ථාන සංවර්ධනයට විශාල මුදලක් ලබාදුන්නා

    දෙසැම්බර් 08, 2017

    වෙහෙර විහාරස්ථාන සංවර්ධනයට විශාල මුදලක් ලබාදී ඇතැයි බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල මහතා පවසයි.

    බුද්ධ ශාසන අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.

    බෞද්ධ දර්ශනය සමඟ අපේ රට සුවිශේෂී වෙනස්කම්වලට ලක් වුණා. බෞද්ධ දර්ශනය සමඟ ඉදිරියට පැමිණි රටක් අපේ මාතෘ භූමිය.පසුගිය වසර කලය තුළ විශාල වැඩකොටසක් බෞද්ධ ප්‍රබෝධය සඳහා සිදු කළා.

    ව්‍යවස්ථාව තුළ බෞද්ධාගම ගැන කියලා දේශපාලන වසි ගන්න ඇතැමුන් උත්සහ කළා.  ඒ නිසා සැබෑ ලෙස බෞද්ධ ආගම ප්‍රචලිත කිරීමට සැබෑ ප්‍රශ්න කතා කරනවද කියල විමස බැලිය යුතුයි.

    9,10,11 වසර වල දහම්පාසල් සිසු පිරිස අඩුවෙලා. ඒ ගැන චෝදනා අපට එල්ල වුණා. දහම් පාසල දරුවන්ගෙන්ගිලිහිලා.සාරධර්ම පිරිහීම,අපරාධ වැඩිවීම ගැන කතා නොකර දරුවන් යාන්ත්‍රික වෙලා. දරුවා දහම්
    පාසලට ළං කළ යුතුයි. මහා සංඝරත්නයේ අවවාදවලින් බැහැර රාජ්‍ය පාලනය කරන්න සිතන්නේ නෑ. මේ වසරේ තරම් වෙහෙර විහාරස්ථාන සංවර්ධනය සඳහා විශාල මුදලක් ලබදුන්නා.ඌණ සංවර්ධන විහාරස්ථන
    සංවර්ධනයට මේ වසරේ විශාල මුදලක් ලැබී තිබෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya