ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    නීල හරිත අයවැයකට හා ව්‍යවසාය පදනම් කරගත් ආර්ථිකයට යැමට නම් නවෝත්පාදනය හා පර්යේෂණවලට යා යුතුයි

    දෙසැම්බර් 08, 2017

    විද්‍යාව, තාක්ෂණය හා නවෝත්පාදනය පාදක කරගත් ආර්ථිකයට යා යුතු බවත් නීල හරිත අයවැයක් හා ව්‍යවසාය පදනම් කරගත් ආර්ථිකයට යැමට නම් නවෝත්පාදනය හා පර්යේෂණවලට යා යුතු බවත් විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (8) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    විද්‍යාව තාක්ෂණය කියන විෂයන් අඩු මට්ටකින් සමාජයට යැම නිසා මිත්‍යාදෘෂ්ටික අඳහස් සමාජ ගතවීම් වැලැක්වීම පියවර ගත යුතුයි කියලා කියනවා. එය මාධ්‍ය මඟින් කළ හැකියි.

    විද්‍යා තාක්ෂණ නවෝත්පාදක විෂයන් අද ප්‍රමුඛ විෂයක් වී තිබෙනවා. ලෝකයේ දියුණු රටවල් කාලයක් තිස්සේ මෙම පර්යේෂණ සඳහා තම දළ දේශීය නිෂ්පාදනයෙන් සැළකිය යුතු මුදලක් වෙන් කරන නිසා, එම රටවල්
    දියුණුවට පැමිණ තිබෙන්නේ.මේ රටවල් අර්ථික වශයෙන් ශක්තිමත් වී තිබෙන්නේ, පර්යේෂණ සඳහා වැය කරන නිසා.

    අපි කොයිතරම් ප්‍රමාණයක් පර්යේෂණ සඳහා වැයකරනව ද? අප වැයකරන්නේ සියයට 0.01ක්. අපේ ඇගළුම් කර්මාන්තය විශාල තරඟයකට පත්වෙලා. අපි ගුණාත්මභාවය වැඩි කළ යුතුයි. විදුලි ඒකකයට වැඩිම පිරිවැයක්
    දරන්නේ අපේ රටයි. ඒ නිසා මිල අඩු කරන්න අමාරුයි. ඇගලුම්වල ගුණාත්මකභාවය වැඩි කරන්න, විද්‍යාව හා තාක්ෂණය වැඩි කරන්න ඕන.

    විද්‍යාව තාක්ෂණය හා නවෝත්පාදනය පාදක කරගත් ආර්ථිකයට යා යුතුයි. නීල හරිත අයවැයකට හා ව්‍යවසාය පදනම් කරගත් ආර්ථිකයට යැමට නම් නවෝත්පාදනය හා පර්යේෂණවලට යා යුතුයි. ඒ සඳහා පදනමක් ඇති
    කළ යුතුයි. විද්‍යා විෂය ප්‍රචලිත කිරීමට කරන්නේ කොහොමද කියන ඒකටයි විදාතා වැඩසටහන ශක්තිමත් කර තිබෙන්නේ. විදෙස් ආයතන සමඟ විද්‍යා තාක්ෂණ නවෝත්පාදක දැනුම ලබාගෙන ජාත්‍යන්තරයෙන් ඔබ්බට ගෙනයෑමට. යැයි ද අමාත්‍යවරය පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya