ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    අක‍්‍රමිකතා සොයා බැලීමේ ජනාධිපති කොමිසම පත් කෙරේ

    පෙබරවාරි 02, 2018

    2006 ජනවාරි මස 01 වැනි දින සිට 2018 ජනවාරි මස 31 වැනි දින දක්වා වූ කාලපරිච්ෙඡ්දය තුළදී ශී‍්‍ර ලංකන් එයාර් ලයින්ස් සමාගම, සී/ස ශී‍්‍ර ලංකන් කේටරිං සමාගම සහ සි/ස මිහින් ලංකා පුද්ගලික සමාගම සම්බන්ධයෙන් සිදුකරන ලදැයි සඳහන්වන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම පත් කෙරේ.

    ඊට අදාළ ගැසට් නිවේදනයට අද (02) පස්වරුවේ ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් අත්සන් තැබීය.

    මෙම කොමිසමේ සාමාජිකයින් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ‍්‍රාමලත් විනිශ්චයකාර අනිල් ගුණරත්න, අභියාචනාධිකරණයේ විනිශ්චයකාර ඇතාඋඩ ආරච්චිගේ ගාමිණි රෝහන් අමරසේකර, මහාධිකරණයේ විශ‍්‍රාමලත් විනිශ්චයකාර පියසේන රණසිංහ, විශ‍්‍රාමලත් නියෝජ්‍ය විගණකාධිපති මල්ලවආරච්චිගේ දොන් ඇන්තනි හැරල්ඬ්, ශ‍්‍රී ලංකා ගිණුම් හා විගණන ප‍්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් වසන්තා ජයසීලි කපුගම යන මහත්ම මහත්මීන් ජනාධිපතිතුමා විසින් පත් කර තිබේ.

    ඒ අනුව මෙම නව කොමිසම මගින් අදාළ සමාගම්වල සිදුවූ පහත අක‍්‍රමිකතා පිළිබඳ සොයා බලනු ඇත.

    01- මහා භාණ්ඩාගාරය, ලංකා බැංකුව, මහජන බැංකුව සහ යම් වෙනත් මූල්‍ය ආයතනයක් හෝ ආස්ථිත්‍යයක් විසින් මුල්‍ය සම්පත් යෙදවීම ඇතුළුව කොටස් ප‍්‍රාග්ධනය සහ ණය ගැනීමේ මාර්ගයෙන් අරමුදල් යෙදවීමේ සහ එබදු අරමුදල් ආයෝජනය කිරීම,

    02- මිහින් ලංකා සමාගම ස්ථාපිත කරලීම, මෙහෙයුම් සහ නිමාකරලීම,

    03- ශී‍්‍ර ලංකන් එයාර්ලයින්ස් සමාගම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාත්‍යන්තර ගුවන් සමාගම වන එමිරේට්ස් එයාර්ලයින්ස් සමාගම අතර එළඹී ගිවිසුම අවසන් කරලීම, සහ ඊට හේතුන් සහ එහි සංකීර්ණ ප‍්‍රතිඵල

    04- ගුවන් යානා සහ යම් වෙනත් වත්කකම් මිලදී ගැනීම, විකිණිම, බදුදීම, විකිණිම සහ ආපසු බද්දට ගැනීම, පැවරුම, හුවමාරුව, මුදාහැරීම සහ බැහැර කිරීමට අදාළ ගිවිසුම් වලට එළඹීම, දීර්ඝ කිරිම, සහ අවලංගු කරලීම.

    05- වටිනාකම රු මිලියන 50 ඉක්මවන ගුවන්යානා සහ යම් වෙනත් වත්කම් මිලදී ගැනීම, විකිණිම, බදුදීම, විකිණීම හා ආපසු බද්දට ගැනීම, පැවරුම, හුවමාරුව, මුදාහැරීම සහ බැහැර කිරීම ඇතුළුව භාණ්ඩ හා සේවාවන් ප‍්‍රසම්පාදනය සහ ගුවන් යානා සමූහය නැවත පිහිටුවීම

    06- භාණ්ඩ, සේවා හෝ යම් වෙනත් කර්තව්‍යයක් සැපයීම සඳහා අනුයෝජිතයින්, තැරැව්කරුවන්, උපදේශකවරුන්, සමාගම් සහ යම් වෙනත් පුද්ගලයෙකු හෝ ආස්ථිත්‍යයක් බඳවාගැනීම සහ පත්කරලීම

    07- අනෙකුත් රටවල්හි මාර්ග ජාලය සහ කාර්යාල විවෘත කරලීම, නඩත්තුව සහ අත්හිටුවාලීම

    08- ශ‍්‍රී ලංකන් එයාලයින්ස්, ශී‍්‍ර ලංකන් කේටරිං සහ මිහින් ලංකා යන සමාගම් අතර ගනුදෙනු

    09- බඳවාගැනීම, පත්කරලීම, පාරිශ‍්‍රමිකය, උසස් කිරීම, ස්ථාන මාරුව, සේවක අපවර්තනය සහ විශ‍්‍රාම ගැන්වීම, අධ්‍යක්ෂ මණ්ඩලය, ප‍්‍රධාන විධායක නිලධාරින්, සභාපතිවරු සහ සෙසු ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය පත් කරලීම ඇතුළුව මානව සම්පත් කළමනාකරණය

    10- මූල්‍ය වාර්තාකරණය, ආදළ ගිණුම්කරණ සහ විගණන ප‍්‍රමිතීන්ට අනුකුලව කි‍්‍රයා කිරීම, සහ මූල්‍ය සහ මෙහෙයුම් කාර්ය සාධනය සහ තත්ත්වය

     

    PMD

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya