ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    "පාවහන් සහ සම්භාණ්ඩ ප්‍රදර්ශනය - 2018" ජනපති අතින් විවෘත කෙරේ

    පෙබරවාරි 03, 2018

    කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන "පාවහන් සහ සම්භාණ්ඩ ප්‍රදර්ශනය -  2018"  විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (02)

    සිදුවිය.

    ශ්‍රී ලාංකික පාවහන් සහ සම්භාණ්ඩ කර්මාන්තය ජාතික හා අන්තර්ජාතික වශයෙන් ප්‍රචලිත කිරීමේ සහ අපනයන හැකියාවන් ඇති නිර්මාණශීලි දක්ෂ නිපැයුම්කරුවන් හදුනාගනිමින් ඔවුන් අපනයනය කරා යොමු කිරීමේ අරමුණින් පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය, කර්මාන්ත සහ වාණිජ අමාත්‍යාංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ඒකාබද්ධව මෙම ප්‍රදර්ශනය වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.

    10 වෙනි වරටත් සංවිධානය කළ මෙවර ප්‍රදර්ශනය සදහා දිවයිනේ සියලූම ප්‍රමුඛ පෙළේ පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයන් සහභාගී වී සිටින අතර, ප්‍රදර්ශනය කුටි 230 කින් සමන්විත මෙවර ප්‍රදර්ශනයේදී නවීන විලාසිතාවලට සරිලන පරිදි නිෂ්පාදනය කරන ලද අපනයන තත්ත්වයේ පාවහන් හා සම්භාණ්ඩ ජනතාවට පහසු මිලට ලබාගැනීමට අවස්ථාව සලසා ඇත.

    මීට අමතරව මෙවර ප්‍රදර්ශනයට ඉන්දියානු, පකිස්තානු සහ චීන, අමුද්‍රව්‍ය යන්ත්‍රෝපකරණ හා උපාංග සැපයුම්කරුවන් රැසක් සහභාගී වී සිටින අතර දේශීය සම්භාණ්ඩ නිෂ්පාදකයන්ට අවශ්‍ය වන අමුද්‍රව්‍ය, යන්ත්‍රෝපකරණ, උපාංග සහ නව තාක්ෂණික මෙවලම් ද මෙහිදී පහසු මිලට ලබා ගත හැකිවනු ඇත.

    ඊයේ ආරම්භ වූ මෙම ප්‍ර‍දර්ශනය අද (03) සහ හෙට (04) දිනවල ද පෙ.ව 10.00 සිට ප.ව 9.00 දක්වා මහජනතාවට විවෘතව තැබේ.

    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්, රාජ්‍ය අමාත්‍ය සූජීව සේනසිංහ, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක, ශ්‍රී ලංකා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති පී.ජී. නිමලසිරි, ප්‍රදර්ශන කමිටුවේ සභාපති රංජිත් හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක් ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya