ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    වැව් 2400 ක් ප‍්‍රතිසංස්කරණයට - වැව් ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙල පිළිබඳ ජනපති සොයා බලයි

    මාර්තු 31, 2018

    වියළි කලාපයේ වැව් 2400 ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ වැව් 123 ක ප‍්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම සනිටුහන් කිරීම පසුගියදා ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් හිඟුරක්ගොඩ චන්දනපොකුණ වැවෙන් ආරම්භ කෙරිණි.

    දීර්ඝ කාලයක් පුරා ප‍්‍රතිසංස්කරණයට ලක් නොවුණු පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ පැරණි වැව් මෙම වැඩසටහන යටතේ ප‍්‍රතිසංස්කරණය කෙරෙන අතර එම කටයුතු කඩිනම් කිරීම පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවකට ජනාධිපතිතුමා පොළොන්නරුව දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ දී එක්විය.

    එහිදී ජනාධිපතිතුමා අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේ අවශ්‍ය යන්ත‍්‍ර සූත‍්‍ර කඩිනමින් සපයා ගනිමින් මෙම කටයුතු කඩිනම් කරන ලෙසයි. ඉදිරියේදී දිස්ති‍්‍රක්කයේ ගොවි ජනතාවට බාධාවකින් තොරව සිය වගා කටයුතු කරගෙන යාමට අවශ්‍ය ජලය සපයා ගැනීමට අවස්ථාව සළසාදෙමින් විධිමත් සැළසුම් ඔස්සේ මෙම සංවර්ධන කටයුතු කි‍්‍රයාවට නැංවීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා පැහැදිළි කළේ ය.

    ඉන් අනතුරුව පොළොන්නරුව නව බස් නැවතුම්පොළේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට ද ජනාධිපතිතුමා එක්විය.

    මගී ජනතාවට පහසුකම් සළසමින් පැරණි බස් නැවතුම් පොළ පුළුල් කරමින් නව සංවර්ධන ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කෙරෙන අතර එම කටයුතු පිළිබඳ සොයා බැලූ ජනාධිපතිතුමා එය කඩිනම් කරන ලෙස ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශයේ සභාපතිවරයා වෙත උපදෙස් දෙනු ලැබීය. පොළොන්නරුව නව කෞතුකාගාරයේ ඉදිකිරීම් සහ පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ සංවර්ධන කටයුතු පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී විමසා බැලීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya