ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    බෝ නොවන රෝග පිළිබදව සාර්ක් රටවල ප්‍රථම වාර්ෂික සමුථව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ ...

    මාර්තු 31, 2018

    බෝ නොවන රෝග පිළිබදව සාර්ක් රටවල ප්‍රථම වාර්ෂික සමුථව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (31) පෙරවරුවේ කොළඹ ගාලූ මුවදොර හෝටලයේදී ආරම්භ කෙරිණි.

    බෝ නොවන රෝග අවම කිරීම සදහා ගතයුතු කි්‍රයාමාර්ග, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, සාර්ක් රටවල් අත්දැකීම් හුවමාරු කර ගැනීම වැනි ක්‍රියාමාර්ග කෙරෙහි මෙම සමුථවේදී අවධානය යොමු කෙරෙන අතර සමුථව අද සහ හෙට දෙදින පුරා කොළඹදී පැවැත්වෙයි.

     ජානමය, ශාරීරික සහ පාරිසරික පුරුදුවල ප්‍රතිඵලයක් ලෙස ඇතිවන රෝගී තත්ත්වයන් වන බෝ නොවන රෝග අවම කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සෑම රටකම වැඩසටහන් දියත් කර ඇත. මෙහිදී හෘද රෝග පිළිකා, ශ්වසනාබාධ, දියවැඩියාව ඇතුථ ප්‍රධාන බෝ නොවන රෝගවලට වැඩි වශයෙන් ගොදුරුව ඇත්තේ පහළ සහ මධ්‍යම ආදායම් ලාභී රටවල්වීම ද විශේෂත්වයකි. ලොව පුරා වසරකට මිලියන 10ක පමණ සංඛ්‍යාවක් බෝ නොවන රෝගවලට ගොදුරුව මිය යන අතර, දුම්කොළ භාවිතය, ව්‍යායාම් නොකිරීම, සමබල ආහාර වේලක් නොගැනීම, මත්පැන් භාවිතය බෝ නොවන රෝගවලට ගොදුරුවීමට  බලපාන සාධක වෙයි. 

     බෝ නොවන රෝග තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීම සදහා බාධාවක් බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය හදුනාගෙන තිඛෙන අතර ඒ අනුව 2030 වන විට බෝ නොවන රෝග අවම කර ගැනීම සදහා ඉලක්ක ගත වැඩසටහන් ලොව පුරා කි්‍රයාත්මක වෙයි. ඉන් ශ්‍රී ලංකාවේ ආරම්භ කර ඇති වැඩපිළිවෙළ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇගයීමට ලක් කර තිඛෙන අතර, එය අනෙක් රටවලට ද ආදර්ශයක් බව පෙන්වා දී තිබේ. 

    මෙම සමුථවේ සමාරම්භක අවස්ථාවට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක සුගතදාස යන මහත්වරුන් ද සාර්ක් ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයා ඇතුථ නියෝජිතයින් එක්ව සිටියහ.

     

    ( ඡායාරූප : චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya