ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ආසියානු භෞතික විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය සදහා වියට්නාමය බලා යාමට නියමිත සිසුන්ට මුදල් ප්‍රදානය කෙරේ

    අප්‍රේල් 05, 2018
     
    ආසියානු භෞතික විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය සදහා වියට්නාමය බලා පිටත්ව යාමට නියමිත පාසල් සිසුන් අට දෙනා වෙත රුපියල් ලක්ෂ 10 ක මුදලක් සහ ත්‍යාග ප්‍රදානය කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (04) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදුවිය.
    එම සිසුන් වෙත අදාළ චෙක්පත් ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා අතින් ප්‍රදානය කෙරිණි.
    ලබන මැයි මස 05 සිට 13 දින දක්වා වියට්නාමයේ පැවැත්වෙන ආසියානු භෞතික විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය සදහා මාතර සුජාතා විද්‍යාලය, ඇහැළියගොඩ මධ්‍ය මහා විද්‍යාලය, ගාල්ල රිච්මන්ඩි විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය යන විද්‍යාල නියෝජනය කරමින් සිසුන් අට දෙනෙක් සහභාගී වීමට නියමිත වේ.
     ( ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය ) 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya