ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කොළඹ තවත් නිවාස 437 ක් ජනපති අතින් ජනතා අයිතියට

    මැයි 10, 2018
    මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන අංශය විසින් ක්‍රියාත්මක “නිවසක් වෙනුවට ජීවිතයක්” වැඩපිළිවෙළ යටතේ කොළඹ නගරයේ අඩුපහසුකම් සහිත ජනතාව වෙනුවෙන් ඉදිකෙරෙන නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද නිවාස 437 ක් ජනතා අයිතියට පවරාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ දෙමටගොඩ ,සියපත් සෙවණ, නව නිවාස සංකීර්ණයේදි සිදු කෙරිණි.
     
    කොළඹ නගරය පුරා ව්‍යාප්තව පවතින වතු ජනාවාස 1500 ක අඩු පහසුකම් සහිත පවුල් ඒකක 50,000කට ආසන්න පිරිසක් නවීන පහසුකම්වලින් සමන්විත අංග සම්පූර්ණ මහල් නිවාසවල කඩිනමින් පදිංචි කරවීමේ වැඩපිළිවෙළ යටතේ ඉදිකරන ලද මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 1,748 කි.
     
    මෙම වැඩසටහන යටතේ 2016,2017 වර්ෂවල දී රුපියල් මිලියන 7,496 ක ආයෝජනයෙන් නිවාස 1,874ක් ඉදිකර ජනතා අයිතියට පවරාදී තිබෙන අතර, 2018 වසරේ මැයි මාසය අවසන්වන විට රුපියල් මිලියන 5,756 ක ආයෝජනයෙන් තවත් නිවාස 1,439 ක් ජනතා අයිතියට පවරාදීමට නියමිතය.
     
    2020ට ප‍්‍රථම අඩු ආදයම්ලාභී පවුල් වෙත ලබාදීමේ අරමුණින් රුපියල් මිලියන 42,330ක ආයෝජනයෙන් නව නිවාස 9,100 ක ඉදිකිරීම් මේ වන විට ආරම්භ කර තිබෙන අතර හේනමුල්ල, දෙමටගොඩ, අංගොඩ, මට්ටකුලිය, මාලිගාවත්ත, කොළොන්නාව, බ්ලුමැන්ඩල් යන ප‍්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් එම නව නිවාස සංකීර්ණ ඉදිකෙරේ.
     
    නව නිවසක් පමණක් නොව අලුත් ජීවිතයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය බාහිර දායකත්වය ද මෙම නිවාස සංකීර්ණ සමග එම ජනතාවට ලබාදී තිබෙන අතර දරුවන්ගේ අධ්‍යාපන, ක්‍රීඩා, සෞඛ්‍ය සහ නායකත්ව කුසලතා වර්ධනය කර ජාතික මට්ටමට ගෙන ඒම සහ ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීම වෙනුවෙන් අත්‍යාවශ්‍ය ප‍්‍රජා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මකය. සමරු ඵලකය නිරාවරණය කර නව නිවාස සංකීර්ණය ජනතා අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.
     
    නිවාස සංකීර්ණයේ, සුහුරු ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය, ද මෙහිදී ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක්විය.
     
    නව නිවාස ජනතා අයිතියට පවරාදීම සංකේතවත් කරමින් නිවාස 10 ක යතුරු නිවාසලාභීන් වෙත ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
     
    අමාත්‍ය පාඨලී චම්පික රණවක, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්. මරික්කාර්, මුජිබර් රහුමාන්, පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ, එජාප බොරැල්ල ආසන සංවිධායක නිතිඥ අජිත් පතිරණ යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සුමේධ රත්නායක මහතා ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya