ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    යහපාලනයේ විනිවිදභාවය සම්බන්ධයෙන් ප්‍රගතියක් තිබෙනවා

    මැයි 10, 2018

    ජනාධිපතිතුමාගේ ජනතාවාදී ගමනේ ප්‍රගතියක් තිබෙන බවත් යහපාලනයේ විනිවිදභාවය සම්බන්ධයෙන් ප්‍රගතියක් තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කරයි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2018 මැයි මස 08 වැනි අඟහරුවාදා අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේ පළමුවැනි රැස්වීම ආරම්භ කරමින් සිදු කළ විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් ගෙනා සභාව කල්තැබීමේ අවස්ථාවේ යෝජනාවේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා අද (10) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.

    ජනාධිපතිතුමාගේ ජනතාවාදී ගමනේ ප්‍රගතියක් තිබෙනවා. යම් යම් ක්ෂේත්‍රවල සැළකිය යුතු ප්‍රගතියක් තිබෙනවා. යහපාලනය විනිවිදභාවය සම්බන්ධයෙන් ප්‍රගතියක් තිබෙනවා. පැහැරගැනීමෙන් තොර පීඩනයෙන් තොර පරිසරය උදා වුනා. ජනාධිපතිතුමට ලබාදුන් ජනවරමින් ජාතික රජයක් බිහි වුණා. ඒ තුළින් ජනතාව බලාපොරොත්තු වූ දෙවල් තිබුණා.

    මේ රටේ විවිධ ජනකොටස් ජීවත් වෙනවා. විවිධ දේශපාලන දර්ශන අදහන අය ජීවත් වෙනවා. මේ රටටඅවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ අභිප්‍රායක් තිබුණා. මේ රටේ ඡන්දය ලබාදුන් ජනතාවගෙන් වැඩි පිරිසක් අලුත් ව්‍යවස්ථාවක් සඳහා වරම ලබාදී තිබෙනවා. සියලු ජනතාව එකට එකතු කරන ප්‍රධාන කටයුත්තක්.මේ සඳහා සියලු සහයෝගය ලබාදෙන්න ඉදිරිපත් වෙනවා.මෙය හුදෙක් දෙමළ ජනතාවට පමණක් වන දේශපාලන විසඳුමක් නොවෙයි. සියලු ජනකොටස්වලට හා රටේ සෞභාග්‍යයට අත්‍යාවශ්‍ය දෙයක් වී තිබෙනවායැයි ද මන්ත්‍රීවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya