ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    දේශපාලන අරමුණු වෙනුවෙන් රණවිරුවන් භාවිතා නොකළ යුතුයි- ජනපති

    මැයි 12, 2018

    කිසියම් දේශපාලන පක්ෂයක් විසින් තම දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා රණවිරුවන් භාවිතා කරන්නේනම් එය කිසිසේත් සදාචාරාත්මක නොවන බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ, වයඹ රණ අභිමන්රණවිරු ස්මාරකය ඊයේ (11) පස්වරුවේ විවෘත කරමිනි.


    කුරුණෑගල - දඹුල්ල මාර්ගය සංවර්ධනය කිරීමේදී තාවකාලිකව ඉවත්කෙරුණු රණවිරු ස්මාරකය වෙනුවට මෙම නව රණවිරු ස්මාරකය ඉදිකර තිබෙන අතර වයඹ පළාත් සභාව, මාර්ග සංවර්ධන අධිකාරිය සහ රණවිරු සේවා අධිකාරියේ මෙහෙයවීමෙන් පෙර ස්මාරකය පැවති කුරුණෑගල,මාළිගාපිටිය කි‍්‍රඩාංගණය අසළ ඉදිකර තිබෙන මෙහි සියලූ ඉදිකිරීම් ශ‍්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකාය විසින් සිදු කර තිබේ.


    රණවිරු අභිමානය සුරැුකෙන පරිදි පෙර පැවැති ස්මාරකයට වඩා අභිමානවත් සහ වයඹ පළාතේ දිවිදුන් සියලූ රණවිරුවන්ගේ තොරතුරු ඇතුළත් වන පූර්ණ ස්මාරකයක් ලෙස මෙය ඉදිකර තිබෙන අතර වැය කර ඇති මුදල රුපියල්
    මිලියන 27 කි.

    ඉතා පැහැදිලි ලෙසම මාර්ග සංවර්ධන කටයුතු සඳහා ඉඩ ලබාගැනීමේ ප‍්‍රමුඛ අවශ්‍යතාවය මත මෙම රණවිරු ස්මාරකය තාවකාලිකව ඉවත් කිරීම සිදුවුව ද රජය විසින් රණවිරුවන් අමතක කර දමා ඔවුන්ගේ ස්මාරක බිඳ හෙළන්නට පටන්ගෙන ඇති බව සදහන් කරමින් එයට දේශපාලනික මුහුණුවරක් ලබාදෙන්නට යම් පිරිසක් උත්සාහ කළ අයුරු පසුගිය සමයේ දක්නට ලැබුණි.


    එමෙන්ම මීට විරෝධය පළ කරමින් එම ස්ථානයේ උද්ඝෝෂණ කිහිපයක් පවා පැවැත්වුණු අතර 2016 වසරේ අගෝස්තු 31 වන දින උත්සවයක් සඳහා සහභාගීවීමට කුරුණෑගලට පැමිණි ජනාධිපතිතුමා මාර්ග ප‍්‍රතිසංස්කරණ කටයුතු අවසන් වූ වහාම වඩාත් නිර්මාණශීලි රණවිරු ස්මාරකයක් එම ස්ථානයේ ඉදිකරන බවට ලබාදුන් පොරොන්දුව මත මෙම රණවිරු ස්මාරකය ඉදිකිරීම සඳහා 2016 නොවැම්බර් 30 වනදා මුල්ගල් තැබිණි. මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ, රණවිරුවන්ට ජාතියේ උපහාර පුද කරමින් ඔවුන්ගේ වරප‍්‍රසාද දිනා දීමට කටයුතු කරනවා මිස කිසිදු අවස්ථාවක රණවිරුවන් අවතක්සේරුවට ලක් කිරීමට වත්මන් රජය කටයුතු නොකළ බවයි.


    එබැවින් රණවිරුවන් පිළිබඳ රජයට තිබෙන සියලූ චෝදනා දැඩිව ප‍්‍රතික්ෂේප කරන බව අවධාරණය කළ ජනාධිපතිතුමා එම සියලූ චෝදනා කුමන්ත‍්‍රණකාරී ලෙස රජය අපහසුතාවයට පත් කිරීමට සිදුකරන ප‍්‍රකාශ බව ද කියා සිටියේය.


    රණවිරු දඩයමක් පිළිබඳ ඇතැමුන් රජයට චෝදනා කළ ද සැබෑ ලෙසම රණවිරු දඩයම සිදුකළේ පසුගිය රජය විසින් බවත් වත්මන් රජය විසින් අන්තර්ජාතික සහයෝගීතාවය තුළ රණවිරුවන්ගේ අභිමානය සුරැකීමට උපරිමයෙන් කටයුතු කළ බවත් සඳහන් කළ ජනාධිපතිතුමා එදා දේශපාලන වේදිකාවේ කථා කළ විදුලි පුටුවෙන් මෙන්ම අපගේ ආරක්ෂක හමුදාවන්ට එරෙහිව නඩු ඇසීමට විදේශීය විනිසුරුවරුන් ගෙන ඒම නවතා දැමුවේ වත්මන් රජය බව අමතක නොකළ යුතු බවද කියා සිටියේය.


    හමුදාවේ සිටි ඇතැමුන් වෙනත් යම් යම් සිදුවීම පිළිබඳව ද පරික්ෂණ පැවැත්වීම සඳහා අත්අඩංගුවට ගැනීමට සිදුවුවද එය රණවිරු දඩයමක් නොවන අතර රට ජාතිය වෙනුවෙන් යුද වැදුනු කිසිදු රණවිරුවෙකුට කිසිදු හානියක් සිදුකර නොමැති බවත් ඔවුන්ට ලබාදිය හැකි ඉහළ ගෞරවය ලබාදීමට වත්මන් රජය කටයුතු කළ බවත් ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ ය.

     

    වයඹ පළාත් සමූපකාරිකයින් විසින් රණවිරු සුබසාධන අරමුදල හරහා ස්මාරකයේ ඉදිකිරීම් වෙනුවෙන් පිරනමන ලද මුල්‍ය ප‍්‍රදානයට අදාළ චෙක්පත පළාත් සමූපකාර අමාත්‍ය පියසිරි රාමනායක මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිරිනැමීය.

    ජනාධිපතිතුමා එම චෙක්පත වයඹ පළාත් ප‍්‍රධාන ලේකම් පී.බී.එම්.සිරිසේන මහතා වෙත පිළිගැන්වීය. වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා විසින් රණවිරු ස්මාරකයේ ආකෘතිය ඇතුළත් සමරු
    තිළිණයක් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.


    අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, ඌව පළාත් ආණ්ඩුකාර ආරිය බණ්ඩාර රැකව, වයඹ පළාත් ආණ්ඩුකාර කේ.සී. ලෝගේස්වරන්, වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර
    යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණවර්ධන, යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් එස්. රණසිංහ යන මහත්වරුන් ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානින් සහ රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya