ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    'වයඹ රණ අභිමන්'' රණවිරු ස්මාරකය ජනපති අතින් විවෘත කෙරේ...

    මැයි 12, 2018
     
    කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණය අසළ ඉදිකෙරුණු ''වයඹ රණ අභිමන්'' රණවිරු ස්මාරකය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්   විවෘත කෙරිණි.
     
    සමරු ඵලකය නිරාවරණය කරමින් ප්‍රථමයෙන් ගරු ජනාධිපතිතුමා විසින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව පැමිණ සිටි ආරාධිතයින් සහ රණවිරු පවුල් වල ඥාතීන් ද රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූහ.
     
    වයඹ පළාත් සමූපකාරිකයින් විසින් රණවිරු සුබසාධන අරමුදල හරහා ස්මාරකයේ ඉදිකිරීම් වෙනුවෙන් පිරිනමන ලද මුල්‍ය ප්‍රදානයට අදාළ චෙක්පත  පළාත් සමූපකාර අමාත්‍ය පියසිරි රාමනායක මහතා විසින් ගරු ජනාධිපතිතුමා වෙත පිරිනැමීය.
     
      ගරු ජනාධිපතිතුමා  එම චෙක්පත වයඹ පළාත්  ප්‍රධාන ලේකම් පී.බී.එම්. සිරිසේන මහතා වෙත පිළිගැන්වීය.
     
    වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා විසින් රණවිරු ස්මාරකයේ ආකෘතිය ඇතුළත් සමරු තිළිණයක් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
     
    අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, ඌව පළාත් ආණ්ඩුකාර ආරිය බණ්ඩාර රැකව, වයඹ පළාත් ආණ්ඩුකාර කේ.සී. ලෝගේස්වරන්, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර යන මහත්වරුන් ඇතුථ මැති ඇමතිවරු පිරිසක් ද, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විෙජ්ගුණවර්ධන, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් එස්. රණසිංහ යන මහත්වරුන් ඇතුථ ආරක්ෂක අංශ ප්‍රධානින් සහ රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය ඇතුථ පිරිසක්  මෙම අවස්ථාවට එක්ව සිටියහ. 
     
    (ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya