ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    තැපැල් සේවක ඉල්ලීමට රජය යහපත් ප්‍රතිචාර දක්වා තිබෙනවා

    ජූනි 21, 2018

    තැපැල් සේවකයින්ගේ ඉල්ලීම්වලට රජය සාර්ථක ලෙස ප්‍රතිචාර දක්වා ඇති බැවින් තැපැල් සේවකයින්ට සේවයට වාර්තා කරන ලෙස තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා පවසයි.

    අද (21) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසී ය.

    මෙම වර්ජන ක්‍රියාවලිය කිසිදු තේරුමක් නොමැති බවත් වෘත්තීය සමිති කළ ප්‍රධාන ඉල්ලීම් දෙකක් වන අලුත් සේවා ව්‍යවස්ථාවක් පිහිටුවීමත්, තුන්වැනි ශ්‍රේණිය අහෝසි කිරීමත් තීරණයට රජය සාර්ථක ප්‍රතිචාර දක්ව තිබෙන බවද කී අමාත්‍යවරයා වර්ජනය පිටුපස ආණ්ඩුව පෙරලීමේ වෙනත් වුවමනාවක් පවතින බවද සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya