ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    1990 සුවසැරිය පදනම පනත් කෙටුම්පත විවාදයට - සෞඛ්‍ය සේවයේ විප්ලවීය වෙනසක්

    ජූනි 21, 2018

    1990 සුවසැරිය ගිලන් රථ සේවාව නිසා සෞඛ්‍ය සේවයේ විප්ලවීය වෙනසක් කරන්න හැකි වන බව රාජ්‍ය ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී 1990 සුවසැරිය පදනම් පනත් කෙටුම්පත විවාදය ආරම්භ කරමින් මේ බව පැවසී ය.

    මෙහි පරමාර්තය තමයි 1990 පදනමක් ස්ථාපිත කිරීම. මේ රටේ පූර්ව රෝහල ගිලන් රථ සේවාව හා හදිසි ගිලන් රථ සේවා නොමිලේ ලබාදෙන්න පියවර ගැනීම නිසා  අපේ සෞඛ්‍ය සේවයේ විප්ලවීය වෙනසක් කරන්න හැකි වෙනවා.  සියලු උපකරණ සහිත වෛද්‍ය සේවයක් ක්‍රියාත්මකයි. මෙය ගිලන් රථ සේවයක් පමණක් නොවේ මෙය ශුද්ධ  රෝහලක්. අපි සංවර්ධිත රටක් බවට මේ හරහා පරිවර්ථනය වෙනවා. සමහරු නොයෙක් උද්ඝෝෂණ කළා.  ද්වේශ සහගත කතා කළා.රෝහල් පැත්ත පලාතේ ගෙන්න එපා කිව්වා. අපි පසුබට වුණේ නෑ. 1990  නවත්වන්නේ පොලිස් ස්ථානවල නවත්වන්න තීරණය කළා. 2016 ජූලි මාසයේ පළාත් දෙකකින් මෙය ආරම්භ
    කළා.  1990 සුව සැරියට ජනතාව වන්දනා කරන තත්ත්වයට  පත් වෙලා තිබෙනවා. ජීවිත 27 බිහි වෙලා තිබෙනවා මෙම ගිලන් රථයේ දී. මේ සේවය මුළු ශ්‍රි ලංකාවට  ලබාදීමටත් මේ පනත සම්මත කරගන්න කටයුතු කරන්නේ .ඉන්දියාවෙන් තෑග්ගක් ලෙස ලැබුණු ප්‍රදානයක්  මඟින් අපි ගිලන් රථ සේවය ආරම්භ කළා. මේ ප්‍රදානය වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍යතුමාට සහ රජයට ස්තූතිය  පළ කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya