වකුගඩු රෝගයෙන් පීඩාවිදින ජනතාව වෙනුවෙන් ජනාධිපතිතුමා තුළ තිබු දිගුකාලීන අපේක්ෂාවක් ඉටුකරමින් දකුණු අසියාවේ විශාලතම වකුගඩු රෝහල ලෙස මෙම රෝහල ඉදිකෙරෙන අතර වැය කෙරෙන මුදල රුපියල් මිලියන 12,000 කි.
උතුරු මැද පළාතේ පමණක් නොව රට පුරා විසිර සිටින වකුගඩු රෝගීන් වෙනුවෙන් මෙම රෝහල ඉදිකෙරෙන අතර, ලොව නවීනතම පරික්ෂණාගාර සහ අධිතාක්ෂණික පහසුකම්වලින් මෙය සමන්විතය.
මාස 24 ක් තුළ ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිත අතර ඒ අනුව 2020 ජූලි මාසයේදී ව්‍යාපෘතියේ කටයුතු නිමවනු ඇති.
රෝහලේ ඉදිකිරීම් කඩිනම් කර, එහි ප්‍රතිලාභ රටේ අහිංසක වකුගඩු රෝගීන් වෙනුවෙන් ලබාදීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා මෙහිදී නිලධාරින්ට පෙන්වා දුන්නේය.
( ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය )



















